විසිඑක් වැනි කොටස

Start from the beginning
                                    

මම ශේප් එකේ සද්දෙට කියලා දේව් අයියා දිහා බැලුවා... පොර ඉන්නවා මම උඹව ඩෙවල් කරනවා කියන බැල්මෙන්.... ඔච්චර ඉරිසියා වෙන්නේ මොකටද මං අහන්නේ... පුදුම ඉරිසියාවක් මේ මිනිහට තියෙන්නේ....

මම මගේ දනිස්සටත් ආරක්ෂක උපාංග එහෙම දාගෙන නැගිට්ටා...
මිඩියා එකේ එවුන් දාගෙන නිවේදන දෙනවා... ඉස්කෝලෙ ළමයි ග්‍රවුන්ඩ් එක වටේම හිටියා... ෆැමිලියන් එකේ භාගයක්ම....

යන්න කළින් හේෂාන් අයියා හැමෝටම විශ් කරා... අපි චියර් එකකුත් දාලා ස්පෝට් රූම් එකෙන් එළියට බැස්සා... යනකොට අයියව හෙව්වත් මුගේ හෙවනැල්ලවත් නෑ....කුහකයා... විශ් කරේවත් නෑ....පැපරාසි කබර කුහකයා....

මම කට්ටිය එක්ක පඩිපෙල බහිනකොට එක පාරටම කව්ද ඇවිත් උරහිසට අත දා ගත්තා... කුහකයට මාව මතක් වෙලා..

" දිනලා වරෙං.. "

" දිනන්න තමා යන්නේ... "

මම හරහටම කතා කරා...

" මොකද හනුමා වගේ නැට්ට ගිනි අරගෙන කෑ ගහන්නේ උඹ... තරග කරන්න කළින් ආවේස වෙලා හරියනවද... "

" කුහකයා.... "

" පරිස්සමින් සෙල්ලම් කරපං.. අතපය අඹරවගන්න එපා.... උඹට පුළුවන්....දිනලා වරෙං... මම උඹ වෙනුවෙන් කෑ ගහන්නම්... දැන් හරිද... "

" බෝයිෆ්‍රෙන්ඩ් උනාම ඔහොමද අනේ සලකන්නේ.....හරි හරි... මම දිනන්නම්.... "

තර්ස්ටන් එකේ දේහදාරි යක්කු ටික ඇවිත් හිටියා.. උන් පට්ට ඔලුවෙන් හිටියේ.... අවුලක් නෑ...ගේමක් නෑ වගේ සීන් එකෙන් අපිත් ගියා.. සෙකන්ඩ් වෙන්න පුළුවන්ද මං අහන්නේ...

කට්ටිය දෙපැත්තේ පෝළිම හදා ගත්තා.....සේරම ඉවර උනාට පස්සේ අපි එයාලට අතට අත දීලා අපේ ස්ථාන වලට ගියා....ලේසි නෑ... අතපය රතු වෙනවා වොලිබෝල් ගහන්න ගත්තම... මම හිටියේ දැල ළඟ.. තරඟ විනිසුරු සංඥාව නිකුත් කරපු ගමන් තරඟය ආරම්භක උනා... තර්ස්ටන් එකේ සෙට් එකකුත් ඇවිත් හිටියා උන්ට සප් එක දෙන්න...
ප්‍රතිවාදී පිළට මුළින්ම පන්දුවට පහර දෙන්න තිබ්බේ... උන් බෝලේ අපේ පිළට පිරිනැමුවා... අපිත් සාමකාමීව බෝලෙ හසුරවලා එහා පැත්තට යැව්වා... අපි කිට්ටිය අවධානයෙන් වැඩේ කරා... සෙට් එකම දක්ෂයි...උනුත් එහෙමයි... විනාඩියක් විතර කණ්ඩායම අතර බෝලේ පාස් උනා... මම දැල ළඟ හිටියේ මට බෝලෙට පහර දෙන්න වෙලාව ආවේ.. මම උඩ පැනලා හරිම තැන බලල බෝලෙට ශොට් එක දුන්නා... උන්ට බෝලෙ මිස් උනා.. උන්ගේ කට්ටිය හිස් තැනකට මම පහර දුන්නේ... උන්ට එකපාරටම හිතා ගන්න බැරි උනා.... අපේ එකට ලකුණක් හම්බෙනකොට මුළු ඕඩියන්ස් එකම හෙල්ලිලා යන්න අපේ ඉස්කොලේ අය කෑ ගැහුවා.... විසිල් ගැහුවා... දේව් අයියා දිහා බලනකොට එයා ඉන්නවා අත් දෙක බැදගෙන බලාගෙන... මම එයා දිහා බලනකොටම පොඩි අප්පුඩියක් දුන්නා... හම්මේ.... එයාගේ ලස්සන... මම එයාට හිනාවක් දාලා තරඟයට අවධානය දුන්නා....
අපේ ටීම් එකට පන්දුවට පහර දෙන්න තිබ්බේ.. හේෂාන් අයියා මට සැලියුට් එකකුත් දුන්නා... ධනුක පන්දුවට පහර දුන්නා... ඒ අවස්ථාවෙදිත් මගෙන් ටීම් එකට ලකුණක් ලැබුණා....

බෝගම්බර (Taekook)Where stories live. Discover now