ඒ කොහොමද ?....

මම දන්නවා...

නූනා....?....

චිම්....ප්ලිස්....

හරි එහෙනම්...නූනා මට ඔයාගෙන් දෙයක් ඉල්ලන්න පුලුවන්ද?...

ඒ මොකක්ද ච්ම්...

ඔයා එනවද මට ඔඩිශන් තියෙන දවසට...? ප්ලීස් මට බයයි නූනා මං එක්ක ඉන්න....

ඒක කියනකොටම මගේ හාර්ට් එක ආයෙම එකසිය ගානට ගැහෙන්න ගත්තා.ඒ එක්කම මට බැලුනේ ජිමින් මගේ අතින් තිබ්බ කොලේ දිහා ඒකේ ඩේට් එක තිබ්බේ 13 th of thursday 2011 කියලා.ඒ කියන්නේ සහතිකවම මට මේකට යන්න වෙන්නෙ නෑ කියන එක.මම ජිමින්ට මොනවද කියන්නෙ කියලා මතක් වෙද්දිත් ඒ කොලෙ අල්ලගෙන හිටපු මගේ අත වෙව්ලන්න ගත්තා.එක පාරටම ජිමින් මගේ අත සිනිදුවට අල්ලගෙන හොලවද්දි මම හරි සිහියට ඇවිත් එයා එක්ක කතා කරා.

නූනා....නූනා...

ඕඔ චිම්...

ඔයා එනවා නේද?....

ම්ම්..මං....ඔව් චිම්...මං එන්නම්..ඒත් මම දන්නවා මගේ චිම් මම ආවෙ නැතත් මේක සිලෙක්ට් වෙන බව...ඔයා මෙක ඔයාට පුලුවන් උපරිමෙන් කරනවා නේද? මට පොරොන්දු වෙන්න චිම්...ප්ලීස් මම නැතත් මේක කරනවා කියලා....

අනේ..ඒත් නූනා ඔයා එන්නම ඕන...අනේ මට බෑ...

ප්ලීස් චිම්....මම වෙනුවෙන් වත්?

හ්ම්ම්ම්......

මගේ හොද චිම්......

මම එහෙම කියලා එයා අල්ලගෙන හිටපු මගේ අත එයාගෙගේ අත උඩින් තියලා එයාව පොරොන්දු කරගත්තේ කොහොමහරි එතකොටවත් මට කොහොමහරි හිත හදන් යන්න පුලුවන් නිසා.මම එන්නෙ නෑ කියලා දැන දැනත් මට බොරු කියන්න උන එක ගැන මම හිටියේ ගොඩක් වේදනාවෙන්.ඔක්කොමට වඩා මේ වගේ දේකුත් මම යන්න හදලම ආපු එක ගැන මට තිබුනේ කියා ගන්න බැරි තරම් වේදනාවක්. එත් මේ දේවල් උනේ මෙහෙමනම් මට කවදහරි දවසක ආඩම්බරෙන් කියන්න පුලුවන් ජිමින් ඔයාට

ඔයා එදත් ඔයාගේ මුල් පියවර තිබ්බේ ආමි කෙනෙක් වෙනුවෙන් තමයි අදත් ඔයා ලග ඉන්නෙ ලස්සන හදවත් තියෙන ආමිලම තමයි කියලා.

මම ජිමින් දිහා බලාගෙන ඉදිද්දි ජිමිනුත් මගේ දිහා බලාගෙන හිනාඋනා.මට ඒකට සතුටක් ආවේ ජිමින්ට ඔඩිශන් යන්න කැමැත්තක් ඇති වෙන්න ඇති කියලා හිතාගෙන.

ඔයා යනවා නේද?....

හ්ම්ම්ම්...ඔව් නූනා....

ඔයා සිලෙක්ට් වෙනවා චිම් අනිවාරෙන්..ඔයාගේ ගමන ටිකක් අමාරු වෙයි.කොටින්ම කිව්වොත් ඔයාගෙ තරුන කාලේ ඔයාගේ හීනෙ වෙනුවෙන් කැප කරන්න වෙයි.එත් එහෙම කරා කියලා ඔයාට මහන්සි දැනෙන එකක් නෑ ච්ම්..මොකද ලස්සන හදවත් තියෙන ෆෑන්ස්ලා ගොඩක් ඔයා එක්ක ඉදීවි.මුලු ලෝකෙම ඔයා වෙනුන්වෙන්ම බලාගෙන ඉන්න දවසක් එයි.අන්න එදාට ඔයාට තේරෙයි මම කියපු දේ.

හ්ම්. ....

මම එහෙම කියලා මගේ අතට ගත්තේ මම ජිමින්ටත් හොරා හංගගෙන ආපු දේ.මට මතක් උනේ අද උදේ මම රූම් එකට ගිහින් මම කැමති විදියට ජිමින් වෙනුවෙන් ඔන්ලයින් ලස්සන නෙක්ලස් එකක් ඩිසයින් කරපු හැටි.ඔම්මටත් කියලා මම ඒක ඩිසයින් කරන්න දුන්න ශොප් එකට ගිහින් ඒක අරගෙන ආවේ ජිමින්ට ඒක හවසට දෙන්න කියලා හිතාගෙන.මම යන්න කලින් එයාට දෙයක් දෙන්න ඕනෙ කියකා මට හිතුන නිසා.මම ඒ නෙක්ලස් එක හිමීට අතට අරගත්තේ ඒක එයාට දාන්න කියලා හිතාගෙන.

චිම්...

ම්ම්....

එන්නකෝ මං ගාවට...

මගේ ඉස්සරහ පුටුවෙන් වාඩි වෙලා හිටපු ජිමින්ව මම හිමීට එයාගෙ අතින් අල්ලගෙන එයාගේ පුටුව මං ගාවින් තියලා මගේ ගාවින් වාඩි කරවගත්තේ මට ඒ නෙක්ලස් එක දාන්න පහසු වෙන්න.

මොකද නූනා ?....

ඇස් වහගන්න....මං ඔයාට ගිෆ්ට් එකක් ගෙනාවා...

ම්ම් හරි.....

මම හිමීට ඒ නෙක්ලස් එක ජිමින්ගේ බෙල්ලට දාලා බලාගෙන හිටියේ එයා ඇස් අරිනකන්.

දැන් ඇස් අරින්න....

වාව්.....නූනා.....

මේක.....

ඔව් ඒක ඔයාට........

____________________________________

A/N
මොන වගේ නෙක්ලස් එකක්ද ඔලී ජිමිනට දෙන්න ඇත්තේ..?

Unexpected wishWhere stories live. Discover now