අරස්සෝ අරස්සෝ අප්පා...

එහෙනම් අපි ගිහින් එන්නම් ඔම්මා අප්පා...

අරස්සො දුව ඇති වෙන්න සල්ලි තියෙනවද?

ඔව් ඔව් ඔම්මා කුමාවෝ...

පරිස්සමින් දුව පරිස්සමෙන් මිනී...

අරස්සො ඔම්මා.

අපි දෙන්නම එහෙම කියලා යලා ආවේ බුසාන් ටවුන් එකට යන්න බස් එකට නගින්න බස් හෝල්ට් එකට.ඒ එන අතරමගදි මම ජිමින් එක්ක විකාර කියව කියව එයාට අද තිබ්බ ඉවෙන්ට් එක ගැන කියව කියව බස් හෝල්ට් එක ගාවට ඇවිත් බස් එකක් එනකන් ඉන්නකොට ටික වෙලාවකින් බස් එක ආවා.දෙන්නම බස් එකට නැගලා එකම සීට් එකෙන් වාඩි උනේ කලින් වගේම ජිමින් මට වින්ඩෝ සයිඩ් එකෙන් වාඩි කරවන ගමන් එයත් මං ගාවින්ම වාඩි වෙලා මගේ අතින් හිමින් අල්ලගෙන මගේ දිහා බැලුවම මමත් වෙනසක් නොපෙන්වලා එයා එක්ක හිනා උනත් මගේ හාර්ට් එක දැනටමත් එකසිය ගානට ගැහෙන ගමන් තිබුනේ.

ජිමින් හිටියෙත් සුදු පාට අත්දිග ශර්ට් එකකට කලු පාට ඩෙනිම් එකක් ඇදලා නිසා බස් එකේ යන ගොඩක් අයට අපි දෙන්නව පෙනුනේ කපල් එකක් විදියට මොකද ජිමින් මමයි දෙන්නම සුදු පාටින්ම ඇදගෙන හිටපු නිසා.අනික ජිමින් මගේ අතිනුත් අල්ලගෙන නිසා බස් එකේ අය අපි දෙන්නා දිහා බලනවත් මම දැක්කා.

බුසාන් ටවුන් එකෙන්ම අපි බැහැලා ඊලගට ජිමින් මාව එක්කගෙන ගියේ ස්ට්‍රීට් ෆුඩ්ස් තියෙන පැත්තට ඒ පැත්ත ටවුන් එකේ වෙන තැන් වලට වඩා ගොඩක් ලස්සන උනේ ලයිට් දාලා ලස්සන ලස්සන හට් ගහලා ස්ට්‍රිට් ෆුඩ්ස් කන්නම හදාපු තැන් ගොඩක් තිබ්බ නිසා ඒ පැත්ත ගොඩක් ලස්සනට තිබ්බා.අනික ඒ පැත්තේ ගොඩක් මිනිස්සු ස්ට්‍රීට් ෆුඩ්ස් කන්න ඇවිත් තිබුනා.කන්න විතරක් නෙවෙයි විනොද වෙන්නත් ගොඩක් තැන් තිබුනා.මම කේ ඩ්‍රාමා වල දැකල තියෙනවා වගේ ගොඩක් කෙල්ලෝ කොල්ලො එකතු වෙලා සෝජු බොනවා අපි පාස් කරගෙන යනකොට මම දැක්කා.ඒ වගේම ඒ දර්ශනය ගොඩක් ලස්සනයි.

Unexpected wishWo Geschichten leben. Entdecke jetzt