"බබා.. "

මින්ජි ගියාට පස්සේ ජන්කුක් අරීට කතා කලා..

"හ්ම්ම්?"

"ඇයි මට ඉන්න කිව්වේ.  ඔයා මම ඉද්දි පාඩම් කරන්නත් නෑ.. බලන්න මම ආපු වෙලේ ඉදලා හොදට තුරුල් වෙලා දොයිනේ.."

කෙල්ලගේ කොණ්ඩ කැරැල්ලක් කන පිටි පස්සේ රදවන ගමන් කොල්ලා කිව්වා.

"ජුකී... ඔයා ලග ඉන්නකොට හරි නිදහස්.. අනික මට අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නෑ.  හිතේ බයට පොත් බැලුවට. "

"හ්ම්.. කමක් නෑ.  ඒත් තව පාඩම් කරන්න.. Final එකනේ මැණික.. "

ජන්කුක් කටත් උල් කරන් තමන් දිහා බලන් ඉන්න කෙල්ලගේ කම්මුල මිරිකන ගමන් කිව්වා..

කෙල්ලට යන්තමට හිනා රැල්ලක් ගියා..

පපුවට හේත්තු වෙලා හිටපු කෙල්ල ඇස් උස්සලා කොල්ලා දිහා බලනකොට කෙල්ලගේ අවධානේ ගියේ ජන්කුක්ගේ තොල් යට තිබුණ ලපේට..

ඔයා ඉස්සර වගේමයි මගේ ජුකි.  හැමදාම මම ලූනාගෙන් ඉල්ලුවේ එයා ලගට ගත්ත මගේ හා කුමාරයාව ගෙනත් දෙන්න කියලා.  දන්නවද ඔයා මම ලූනට බැන්න තරමක්.. ඒත් මම දැනන් හිටියේ නෑනේ.. ලූනා ඔයාව එයා ලගට අරන් නෑ කියලා.. !!

අරී හිතමින් ජන්කුක්ගේ අතක් අරන් තමන්ගේ අත පටලව ගත්තා..

"මැට්ටි .."

ජන්කුක් අරීට කතා කරේ බොරු තරහක් හිතට අරන්..

"ඕඕඕ.. මොකද මැට්ටෝ  "

"මේ මැට්ටි මට අර මනෝ වෛද්‍ය ගැන කතාව කියලා හිටියා නම්.."

".. ආ ඒක.. ඒකේ ඉතින් කියන්න දෙයක් නෑ ජුකී.. ඔම්මලා නැති වුණාට පස්සේ මම ගොඩක් අවුල් වුණා.. ඉතින් මගේ හිත හයිය කර ගන්න වගේම මම වගේ දුක් විදින අනිත් අයගේ හදවත් සුවපත් කරන්න හිතා ගෙන මම ඒ ගැන ඉගෙන ගන්න පටන් ගත්තා.  ඉතින් මම අද වෙනකොට ඒ වැඩේ ගොඩක් හොදට කර ගෙන යනවා  "

"හ්ම්.. ඒක තමා.. මට අමතක වුණානේ කියන්න.  ඔයා නිදා ගෙන ඉන්න කොට කෝල් එකක් ආවා.. එයාගේ දුවව ඔයාට මුණ ගස්සන්න ඕනි කිව්වා.. පස්සේ කෝල් එකක් අරන් බලන්න.."

"ආ.. ඒක තමා.. ගැම්මට කිව්වට එහෙම නේද ඒක දැන ගත්තේ.. මැට්ටා.."

අරී රවන ගමන් කියද්දි ජන්කුක් කෙල්ලගේ කම්මුල් දෙකම මිරිකුවේ කෙල්ල විනාඩියට දෙකට රතු වෙද්දි..

Into ur heart ♡~JJK/Completed~Kde žijí příběhy. Začni objevovat