මම හිමීට ජිමින්ගේ බඩේ ඇගිලි යවන ගමන්ම එයාගේ කන ගාවට පහත් වෙලා හිමීට රහසින් එහෙම කියන්න ගත්තත් ජිමින් එකපාරටම මගේ අත හයියෙන් අල්ලගෙන එයා ගාවට ඇදලා ගත්තා.ඇදලා ගත්ත පාරට මම හිටියේ ජිමින්ගේ ඇග උඩ හරියටම මගේ ඇස් ජිමින්ගේ ඇස් එක්ක පැටලිලා.ඒ ඇස් දිහා මට ගොඩ වෙලාවක් උනත් බලාගෙන ඉන්න පුලුවන් උනත් එයාගෙ ඇස් වල තිබ්බේ සෙල්ලක්කාර ගතියක්.හිනා වෙනකොට හීනි වෙන ජිමින්ගේ ඇස් දෙක කියා ගන්න බැරි තරම් ලස්සනයි.ඒ එක්කම මම ඉක්මනට කලබලෙන් ජිමින්ගේ ඇගෙන් අයින් උනේ මට එයා දිහා ඒ විදියට බලන් ඉන්න බැරි නිසා මොකද මේ වෙනකොටත් මගේ හාර්ට් එකට කරන්ට් වදිනවා වගේ.ඒත් ජිමින් තාමත් මගේ අතින් අල්ලගෙන බව මට තේරුනේ නෑ.

නූනා...මොකක්ද කරන්න හැදුවේ...ම්ම්ම්....

....අනී...චිම් ...මං මේ ඔයාව ඇහැරවන්න හැදුවේ ඔයා නැගිටින්නෙම නෑනේ.ඉතින් මං මගේ ට්‍රික් එකක් යූස් කරා...

මං නැගිටලා හිටියේ නූනා....

ජිමින් මගේ අල්ලගෙන හිටපු අත අතැරගෙන කොට්ටයක් අරගෙන් මම එයාට ඒකෙන් ගහන්න ගත්තේ එයා ඇහැරලා හිටිය නිසා තරහටමයි.

මොකක්...යාහ්...නැගිට්ටනම් නැගිටින්න එපැයි ජිමිනි පබෝ...

මං පබෝ නෙවෙයි....අනික නූනගේ ලස්සන කටහඩ අහන්න හිතුනා මට ඉතින්...

පබෝ තමයි....මිච්චොස්සෝ ජින්ජා...අනෙ මගෙ කට ඇත්තමයි..

නූනා මගේ නම එක පාරක් කිව්වත් මට ඇහැරෙනවා.නැත්තම් මම ඔයා හැරවලා මාව ජීයුන් ගාවට යන්න හැරෙන්නෙත් නෑනේ.

ඔහ්..ඒකත් එහෙමද...ජිමින් ශී...දැන් යනවා මගේ යකා අවුස්සගන්නෙ නැතුව ගිහින් සෝදගෙන එනවා...මට ජීයුන්ව සෝදන්නත් තියෙනවා....

මොකක් මෙයාව...අනී....එපා...මාවත් සෝදන්න එහෙනම්

ඔහ්..ඇත්තට.....ඔයාට ඕනෙමනම් මංංංංංං.........

මං තොලත් හපාගෙන එහෙමම ජිමින් ගාවට ප්ලේෆුල් මූඩ් එකකින් එන්න ගත්තේ මගේ හිතට කුරිරු අදහසක් ආපු නිසා.ජිමින් ඒත් එක්කම ඉක්මනට එයාගේ ටවල් එකත් අරගෙන වොශ් රූම් එක පැත්තට දිව්වේ මටත් බය වෙලා නිසා මං හිනාව නතර කරන් හිටියේ බොහොම අමාරුවෙන්.

අම්....නැ..නෑ ඕනෙ නෑ මං යනවා....

ඉක්මනට එන්න පැල වෙන්නේ නැතුව....

මං හිනා වෙන හඩින්ම හයියෙන් එහෙම කිව්වෙ ජිමින් වොශෲම් එකට ගිහින් දොරත් වහගත්තු නිසා.ඒත් මට හිතා ගන්න බැරි මේ සේරම වෙනකන් ජීයුන් තාමත් යකා ගැහුවා වගේ නිදි නිසා.

__________________________________
A/N
පොඩියි හැබැයි අද එක.පොඩ්ඩක් අද එක වල් උනා ඉතින්.කොහොමත් ජිකින් බයස් කියන්නේ බයස් ගෙන්ම පැවතගෙන එන ලක්ශනයක්. හා නැද්ද ජිමින් බයස් ලා ?
මං හිතුවට වඩා මේක දික් වෙනවා.

Unexpected wishWhere stories live. Discover now