බූතයා...

ප.ලි - ඉස්සර ඔයාට ලියපු ලස්සන වචන පිරුණ ලියුම් මතක් වෙනකොට මට ඉබේම හීල්ලෙනවා මගේ දරුවො.... කමක් නැහැ, අඩුම අපි මුණගැහෙනවා නෙව... පරිස්සම් වෙන එක වැදගත් ඊට වඩා.....

.
.
.
.
.
.
.
.
.
.
.

දෙය්යනේ දැන් නම් හොදටම නාකි මගේ කෙල්ල !! ,

ඉතින් ආයේමත් සුබ පැතුම් !!! මේක කොච්චර දුර යයි ද කියලා මට හිතාගන්නවත් බැහැ.... ඒත් ඔයා දැන් කලබල විත්තිය නම් මං හොදටම දන්නවා.... ආශක්‍යසිංහලාත් දැන් හොදටම කලබලයි... මේවිභූ මේ දවස්වල මෙහේ නැති එකම මට සැහෙන්න සැනසීමක් සිනල්යා....

මං කියන්නේ මගේ ඇපල්මල , සන්සුන් වෙන්න... ඉතින් ඔයා යුවිනිදු පොඩ්ඩාට තිබ්බා වගේම ලස්සන නම් දෙකක් හිතන්නකො.... නංගිලා දෙන්නව ඇහැක් වගේ පරිස්සම් කරන්න මේ කාලේ... ඉස්සෙල්ලා එ් පැටව් දෙන්නාත් අහසේ පාට දකින්න ඕන.... හුස්මේ තියන ඕන්නැති අංශු නහය අස්සේ ගියාම පුංචි කිවිහුමක් යවන්නත් ඕන... ගහක කොළ පාට , බටර්කප් කඩදාසියක සුවද , ආදරේ සුවද විදින්න මේ ලෝකේට එන්න එපැයි.... ( ඒත් ඒ ළමයි දෙන්නම ඇස් අරින්නේ කොච්චර වගකීම් ගොඩකද කියලා හිතෙනකොට ... නැහැ ! ඔයා ඉන්නවනේ ඒ දෙන්නවම බලාගන්න..) නේද ? ඔයා කිව්වා වගේ සුදූටයි , යුවනිදුටත් දැන් පුංචි පාතාලයක් දාගන්න බැරියැ ඔය පොඩ්ඩො දෙන්නත් වේඝර්ණලාට එකතු වුනාම !....

අහ් ! තව ටිකෙන් අමතක වෙනවා කියන්න ... ඔයා ප්‍රශ්න විසදන විදිය හරි පරිණතයි මගේ කෙල්ලේ... මට ආඩම්බරයි මගේ ඇපල් මල !! ඇත්තටම ඔයාම තමයි වේඝර්ණලාගේ උරුමය වෙන්න සුදුසු.... හිතලා තියෙනව ද ? , ආශක්‍යසිංහලා මගේ අතේ ඉන්න දවසක , වේඝර්ණලා ඔයාගේ අතේ ඉන්න දවසක් කොච්චර ලස්සන වේවිද.... ?

ඉතින් , අදට නවතින්නම්... ( හැන්දෑවේ මුණගැහුනම නිවි හැනහිල්ලේ මිනිත්තුවෙන් මිනිත්තුව ගත වෙන්න දීලා බලා ඉන්නයි මං ආස.... )

නාකි කෙල්ලගේ නාකි බූතයා.....

ප.ලි - ඔන්න ළමයො , මං හරියට පොල් ටොෆි හැදුවා!! මේකට නම් හොදයි කියලා කියන්න ඔයාට සිද්ධ වෙනවාමයි දැරිවි!!

- Plot 23 -Donde viven las historias. Descúbrelo ahora