09

626 69 21
                                    


" යූශි .. "

" ඕ අම්මෙ කියන්න අහන් ඉන්නෙ මගෙ සුදු අම්මෙහ් .. "

" දැන් නේද සුදු අම්මව මතක් උනේ ආ... හරි කමක් නෑ දැන් බටර් ගාන එක නවත්තල  කියන්නකො මට ඔය දෙන්නගෙ මේ සම්බන්දෙට කොච්චර කල්ද .. "

" ආත්ම ගානක් වෙනව අම්මෙ .. නේද ආදියොහ් .. "

මං කියද්දි ආදි කලේ මට රවපු එක වෙද්දි මං මීය වගේ බිම බලාගත්ත ...

" වැඩි කාලයක් නෑ නැන්දෙ .. "

" හ්ම් ... පුතාගෙ අම්ම මේ ගැන මුකුත් .. "

" දන්නව .. "

දෙයියනේ .. මං ක්ශනිකව ඔලුව උස්සල ආදි දිහා බැලුව .. පුදුමෙ කොච්චරද කියනවනම් මගෙ කටත් බාගෙට ඇරිල ඇස් ගෙඩි දෙක දොබ සයිස් උනා ... දෙයියනේ මගෙ නැන්දම්ම කලින් ඉදන්ම දැනන් ඉදලනෙ ..

" මටයි යූශිගෙ තාත්තයි උනත් මේ ගැන පොඩි සැකයක් තිබ්බ .. දැන්නම් ඒක ස්තීරම උනා .. ම්ම් .."

අම්ම මං දිහා බලන් කියද්දි මං අම්ම දිහා හොරෙන් බලල ආදි දිහා බැලුව ...

" අපි සාම්ප්‍රදායික විදියට හිතල බලල තීරන ගන්න මිනිස්සු  නෙමෙයි .. කොටින්ම පව්ලෙ නම්බුව ගැන හිතල ලමයින්ගෙ සතුට උදුරගන්න ජාතියෙ දෙමව්පියො නෙමේ අපි .. අනික පොඩි කාලෙ ඉදන් ඔය දෙන්න හැදුනෙ එකට .. අපි දැක්ක ආදි පුතා අපේ යූශිව පොඩි එකෙක් වගේ ආදරෙන් බලාගන්නව වගේම පරිස්සන් කරනව ... එතනින් එහාට අපිට තව හිතන්න දෙයක් කොහෙත්ම නෑ.. කොටිනම් කිව්වොත් මේ සම්බන්දෙට අපේ කිසිම අකමැත්තක් නෑ ... එහෙම තිබ්බනම් අපි ඔය දෙන්නව ඈත් කරන්නෙ අපිට මේ ගැන සැක හිතුන දවසෙමනෙ ... මට විශ්වාසයි ආදි පුතා ඉස්සරහටත් යූශිට මෙහෙම ආදරෙන් ඉදී කියල වගේම  "

අම්ම කියාගෙන යද්දි මගෙ හිතේ මෙච්චර වෙලාම තිබ්බ බය තුරන් වෙලා යන්න ගියා .. මං ලොකූ හුස්මක් පාත දැම්ම .. කව්ද හිතුවෙ මේ ප්‍රශ්නෙ මෙහෙම විසදෙයි කියල . අම්ම ඇවිල්ල වහලෙ උඩ යන්න කෑගැහුව විදියට මං හිතුවෙ රෙදි පොට්ටනි ටිකත් එක්ක මාව ගෙදරින් පන්නල දායි කියල .. ආදිවයි මාවයි අම්මට අහුවුන වෙලාවෙ අම්ම වචනයක්වත් කතා නොකර මාවත් ඇදන් ගෙදර ආවෙ ආදියත් බයික් එකෙන්  අපෙ පස්සෙන් එද්දි ...

You've reached the end of published parts.

⏰ Last updated: Aug 22, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Friends ? Where stories live. Discover now