02

536 94 10
                                    


                          ☂️

ස්කෝලෙ ඇරිල මන් වගේම ආදි ස්කෝලෙ ගේට්ටුව ගාවට ඇවිත් පාර පනින තැන ලගට ආවත් මගෙ ඇස් ගියේ මගෙ කස් එක ගාවට ..

සදුනි ..

මගෙ කස් එක කොන්ඩ කරල් දෙකත් වනවන මගෙ එහා පැත්තෙ ඉද්දි කෙල්ල එක පාරට ම දිහා බලල හිනා උනා ..

මල්වෙඩි සැනකෙලි ..

මගෙ හිතේ මල් දහසක් පිබිද්දෙද්දි මාත් හීනි හිනාවක් දීල ආදි දිහා බැලුවත් ඌ ඔහේ ඉස්සරහ බලන් ඉන්නව ..

මූට මල්සරා විදින්න කල් යයි වගේ ..

ඒ එක්කම කට්ටිය පාර පනිද්දි මාත් කෙල්ල පස්සෙන් පාර පනින්න යද්දි ආදි මගෙ මැනික් කටුව ගාවින් අල්ලන් ඒ කෙල්ලවත් පහුකරන් එහා පැත්තට පැන්න ..

මන් බොහොම අමාරුවෙන් ආදිගෙන් අත ගලවගෙන අර කෙල්ල දිහා බැලුව ...

කෙල්ල හිනාවෙවී එයාගෙ යාලුවෙක් එක්ක යද්දි මාත් ආදි එක්ක ඒ පස්සෙන් යන්න ගත්ත ..

උදේට බස් එකේ ආවත් ගෙදර යද්දි පයින් යන නිසා හොදයි .. කෙල්ලත් යන්නෙ අපි යන පැත්තටමයි ..

ආදිනම් මට හැටට හැටේ ඔරවද්දි ඒක මං තබේකට මායිම් නොකර මගෙ හීන මාලිගාවෙ අතරමං උනා ..

ටික ටික පයින් තුන්මංහන්දිය ගාවින් අපි වෙන්වෙන්න ඕන උනත් මං අතේ තියන් හිටිය කොල කෑල්ල කෙල්ලගෙ අතේ ගුලි කරල අපේ ගෙවල් පාරට ආව ..
හැබැයි ඒ වෙලාවෙ කෙල්ලගෙ මූනෙ තිබ්බ හිනාව හින්ද මට හොදටම ශුවර් අද රෑට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දානව ..

තාප්ප වලින් වට කරපු ගෙවල් තියෙන මිනිස් පුලුටක් නැති පාර දිගේ මං උඩ පැන පැන හොද ඩන්ස් එකක් දැම්ම ... කෑල්ලක් සෙට් වේගෙන එද්දි මෙහෙම තමයි ඉතිම් ..

ආදි මගෙ පස්සෙන් එද්දි මං එයාටත් හිනාවක් දීල තව වටයක් කැරකෙන්න හදද්දිම පාරෙ තිබ්බ වලකට කකුල ගිහින් මාව වැටෙන්න යනව එක්කම ආදි ඇවිත් මාව අල්ලගත්ත ..

" තොට පාරෙ හරියට ඇවිදින්න තේරෙන්නැද්ද ?"

ඔන්න ඉතින් මැරෙන්න හදනව .. ජොලියටනෙ අනේ .. මේකට ඉතින් ජොලිය කියන එක ‍තේරෙන එකක්‍ යැ ..

Friends ? Where stories live. Discover now