05

528 90 13
                                    


                          ☂️

" ආදියෝහ් !!!! නැගිටපිය එලිවෙලාහ් ... නැගිටපියහ් !! "

මූනම් මහ කම්මැලි පකෙක් .. ඇයි යකෝ .. සෙනසුරාදා කියල ඔහොම නිදාගන්නවද මං අහන්නෙ ..

" වූශියෑනුයි වංජියි just friends ආදියෝහ් .... ඔයා කොහොම කිව්වත් ඒක එහෙම ත ................ අහ්හ් !!. පයින් ගහන්න ඔට්ටු නෑ ආදියෝහ් !! "

මූමට ඇදෙන් බිමට වැටෙන්න පයින් ගැහුව ප්‍රෙන්ස් .. මට හරියට වෙනස්කම් කරනව මෙයාල ..

" ආදීහ් .. ආදියෝහ් !! ඒයි .. මට මාරම අව්ල් හලෝ අද "

"ඒ මොකෝ "

" ම්හ්....එයා මච ...කචා කලේ නෑනෙ .. "

" උදේ පාන්දර චොක්ලට් කනවද පෙරේතකමට කටවත් හෝදන්නැතුව .. "

"අනේ මේ බයිල කතා කරන්න එපා .. උදේට කටවත් හෝදන්නැතුව කිරි එක බොන අපිට මේව නතින් මචන් "

" තෝව බිම උලලවත් හදන්න බෑ .. "

" එකනෙමේ ආදියො .. සදුනිය මට කතා කලේ නෑනෙ බන් ... ඒක මට හරියට හිතට අමාරුයි හලෝ .. "

" එහෙනම් පපුවෙ අමාරුවක් එන්න වෙන්න ඇති "

" තුහ් විතරක් .. කැහිබෙල්ල .. අනේ බන් අපි යමුද සදුනියගෙ ගෙවල් පැත්තෙ පොඩි රව්මක් ගහල එන්න .. මං ගෙවල් තියෙන පැත්ත අහගත්ත එයාගෙන් ඊයෙ"

" මට බෑ .. "

" උබ මහ නරක යාලුවෙක් .. උදව්වක් ඉල්ලුවම කරපන්කො ආදියො .."

" මට බෑ .. "

" අදින් පස්සෙ අපේ යාලුකම ඉවරයි .. !! මං උබව මගෙ යාලුකමෙන් නෙරපාහරිනව "

" ලොකු දෙයක් .. "

" නිර සතා .. උබ මහ නරකම නරක යාලුවෙක් .. "

මං ආදියටත් ගස්සගෙන කාමරෙන් එලියට ආව .. මට අද සදුනිව බලන්න යන්න ඕනෙමයි ..

මං ආයෙ කාමරේට දුවල බාතෲම් එකට ගිහින් වොශ් එකක් දාගත්ත.. පොඩි වොශ් එකකුත් දාගෙන මං ශෝටකට අත් දිග ටීශට් එකකුත් ඇදගත්ත .. ඒ වෙනකොටත් ආදිය මුනින් අතට හැරිල නිදි ..

මං පර්ෆියුම් ටිකකුත් හලාගෙන කොලේක සදුනිගෙ ගෙදරට යන විදියත් ලියල ආදිය ආවින් තියල ගෙයින් එලියට ඇවිත් මගෙ ෆුට් සයිකලේට නැගල මගෙ කෑල්ල බලන්න යන ගමන ඇරබුව ..

Friends ? Where stories live. Discover now