06

599 88 16
                                    

☂️

" මේ කිරි එකවත් බීල ඉන්නකො දරුවො "

" මට එපා .. "

" ඔහොම බඩගින්නෙ ඉන්න හොද නෑ ලමයො .. හවසට ගෙදර ගියාම මොනා හරි කන්න පුලුවන් දෙයක් හදල දෙන්නම්කො "

" මට කන්න බෑ අම්මෙ .. අනේ මට ආදියව ගෙනත් දෙන්නකො අම්මෙ"

" කෝ ඉතින් නාඩ ඉන්නකො මැනික "

" එයා කොහොමද මාව දාල ගියේ අම්මෙ .. අනේ අම්මෙ එයා දන්නවනෙ මට එයා නැතුව ඉන්න බෑ කියල අම්මෙ .. එයා ඇයි එහෙම කලේ අම්මෙ "

" කෝ ඉතින් අඩල ලෙඩ වැඩි කරගන්නද හදන්නෙ දරුවො .. ආදි ඉන්නෙ දැන් අපිට ගෙන්නගන්න පුලුවන් තැනක නෙමේනෙ මැනික .. "

" මට ඕන්නෑ .. මට ඕනෙම නෑ .. "

ආදිය .. මගෙ බෙස්ට ..මගෙ හොදම යාලුව .. එයා ගියා .. මට නොකිය ගියා .. එයා ........ අනේ එයා...








දවස් තුනකට එයාලගෙ නෑදෑයෙක්ගෙ ගෙදර මට නොකිය ගියා ....

" අනේ අම්මෙ ඇයි නොකිය ගියේ එයා .. ඌට මං ගහනව හනස්සකින් ආයෙ ආවම .. නරිය "

එදා ආදියගෙ ගෙදර ඉදල පහුවදා උදේම මං අපේ ගෙදර ආව .. ඒ ඇවිල්ල මං කලේ නිදාගත්ත එක .. එතකොට උදේ නමයට විතර ඇති .. ආදියට කෝල් දුන්නම ඒකගෙ ෆෝන් එක වැඩ කලේ නෑ .. ආදියගෙ අම්ම තමා එතකොට කිව්වෙ ආදිය අදිස්සියෙ එයාලගෙ දුරම නෑයෙක්ගෙ ගෙදර ගියා කියල .. කවදාවත් මට නොකිය කොහෙවත් නොයන ආදිය මට නොකිය ඔහොම ගියේ පලවෙනි වතාවට .. අඩුම ඒ දවසෙම මට ඒක එක මැසේජ් එකක් කෝල් එකක් ගත්තෙ නෑ ... මං ගත්ත එක කෝල් එකක්වත් ඒක ආන්ස්වර් කලේ නෑ ... මට දුක නැද්ද ඉතින් අනේ .. පොඩි කාලෙ ඉදන් එකට හිටිය එකා එහෙම වෙද්දි මට දුක නැද්ද ... මට උණත් හැදුන .. ඩොක්ටර් කිව්වෙ සාංකාවට කියල .. ඊයෙ ගොඩක් අමාරුවෙලා හොස්පිට්ල් එක්ක ආව .. දැන් වෙලාවත් හතරයි .. ඊයෙ රෑ ඉදන් මේ වෙනකන් මන් හොස්පිට්ල් එකේ .. අද උදේ ඉදන් ආදිය මට කෝල් ගත්තත් මං එක කෝල් එකක්වත් ආන්ස්වර් කලේ නෑ .. ඊයෙ හවස එයා සුදු ලස්සන හුරුබුහුටි අවුරුදු 17 ක විතර කොල්ලෙක් එක්ක ෆොටෝ එකක් අරන් ෆේස්බුක් දාල තිබ්බ .. නිකමට හිතන්නකො මට දැනෙන හැගීම ... එයාට මාව ගානක් නෑ .. ඒකනෙ එයා ඔය වගේ දේවල් වලින් ඔප්පු කරන්න හදන්නෙ .. ඔය උන හැමදේම හින්ද මගෙ හිත රිදිල තියෙන්නෙ .. ඒකයි මං එයාගෙ එකම එක කෝල් එකකටවත් ආන්ස්වර් කලේ නැත්තෙ ... අම්මගෙ ෆෝන් එකෙන් කෝල් කරල මං ගැන ඇහුවත් මං කොයිම වෙලේවත් එයා එක්ක කතා කලේ නෑ ... අම්ම කියන්න ඇති මට අසනීපයි කියල .. ඒත් මට ඕන්නෑ ඔය වගේ එව්න් ..

Friends ? Where stories live. Discover now