03

503 90 24
                                    

                          ☂️


හවස හයට විතර ඔක්කොම ඉවර වෙලා ආදිය ගෙදර යන්න එලියට බැස්ස .. එයාට මෙහෙ ඉන්න බෑ අම්ම ගෙදර තනියම කියල ..

" පරිස්සමෙන් ආදියො .. ගිහින් මැසේජ් එකක් දානව හොදේ "

" ම්ම් "

අපේ අම්මටත් වැදල තාත්තටත් වැදල ආදිය යන්න ගියාම මං ඌව පාරෙ නොපෙනී යනකන් බලන් හිටිය .. අපේ ගෙදර අය දන්නව ආදියගෙයි මගෙයි යාලුකම කොච්චර ද කියල .. ඒක මාර බැදීමක් .. දැන් දැන් මට වඩා අම්මයි තාත්තයි ආදියට මාර ආදරෙයි .. අනේ මටනම් කිසි ඉරිසියාවක් නෑ .. මං මාර ආසයි අපෙ අම්මයි තාත්තයි ආදියට අපේ පුතා කියනවට .. ඔව් ඒ දෙන්න ආදියට කියන්නෙ අපේ පුතා කියල .. කව්රු ඇහුවත් එහෙම තමා .. එතකොට එයාලට පුතාල දෙන්නයි ..

මං රෑවෙනකන් ස්කෝලෙදි දීපු වැඩ ටික කරල කාල නිදාගන්න ඇදට ආව .. ආදිය ගෙදර ගියා කියල මැසේජ් එකක් දාල තිබ්බ . කැස්වටුව ඒකම විතරයි දාල තිබ්බෙ ..

මං සදුනියටත් මැසේජ් එකක් දාල ෆෝන් එක කොට්ටෙ යටින් තියල නිදාගන්න හැරුන ..

ටින්

" අර්ර්හ් .. මොකාද ? "

මං නිදාගන්න හැදුව විතරයි ආයෙ ෆෝන් එකට මැසේජ් එකක් ආව නිසා කොට්‍ටෙ අස්සට අතදාල ෆෝන් එක ගත්ත ..

" මට මගෙ කොල්ලව මතක් වෙනව යුශී .. "

මේ මොකෝ මේ .. ආදියට ලව් පිස්සුව ඔලුවටම ගහලවගේ .. පෙනේද මේක නිකන් බමුන වගේ හිටියට මටත් කලින් සිල් බිදගෙන තියෙන්නෙ ..

" එහෙනම් එයා එක්ක කතාකරන්න ආදියො .. නම්බර් එක නැද්ද "

" නෑ .. එයා අන්සතු වෙලා ඉවරයි .. කවදාවත් එයා මාව තේරුම් ගන්නෑ .. කවදාවත් මට එයාට ආදරෙයි කියන්න බෑ .. එහෙම උනොත් එයා ආයෙ මං දිහා බලන එකක් නෑ .. ඊට වඩා හොදයි මං ඒ ආදරේ මැරෙනකන් හිතේම තියන් ඉන්නව "

යකෝ ආදිය සීරියස් ලව්ද උට .. ඒකත් ඌ වෙන එකියක්ට හරි එකෙක්ට හරි ආදරේ කරද්දි ..

" ආදියො .. පිලිගන්නවද නැද්ද බලන්න කියල බලපන්කො .. අඩුම උට ඉගියක්වත් දීපන් .. ඔහොම පොඩි දේටත් වැටෙන්න එපා බන් "

Friends ? Dove le storie prendono vita. Scoprilo ora