අනී චිම් ඉන්න...

එන්නකෝ එහෙනම්..

ජිමින් මූනත් ඇබුල් කරගෙන යන්න හැදුවත් මගේ හිත කිව්වෙත් ජිමින්ව ලග තියාගන්න කියලා.ඉතින් මං ජිමින්ව ඔම්ම එන්න කලින් ඇහැරවන්න හිතාගෙන එයාව මගේ ලගට ගත්තා.ජිමින් යන්න හදලා ආයෙම හැරිලා ලස්සන එයාගෙ කියුට් හිනාවත් දාගෙන ඇවිත් මටත් කලින් මගේ ඇදෙන් හාන්සි උනේ මං එනකන්.මං එනකන් එයාගෙ හිනාව නතර නොකරම මං දිහා බලන් ඉන්නකොට මට ඉබේම තඩි කෙල ගුලියක් ගිලුනා.මොකද මෙහෙම හිටියත් එයා නොදන්නව උනත් මං දන්නවා ජිමින් කියන්නෙ කවුද කියලා.මගේ හිත දන්නවා.ජිමින්ට අවුරුදු දාසයක් උනත් එයා ලොකු ලමයෙක්.හරියට මං ඒ ෆොටෝස් වලින් දැකපු පොඩි ජිමින්මයි.ඒත් මං මේ වෙලාවේ ඒ ගැන මුකුත් හිතන්නෙ නැතුව ජිමින් ගාවින් ගිහින් මගේ කොට්ටෙට ඔලුව තියන් හාන්සි උනාම ජිමිනුත් මගේ ඇස් මට්ටමටම එයාගෙ ඇස් තියෙන විදියට හරි ගැහිලා හාන්සි උනා.කැමත්තෙන් ජිමින්ව තියා ගන්නවා කිව්වත් දැන් නම් වැඩේ ටිකක් අමාරුයි කියලා තේරෙද්දි මං ජිමින් දිහා බලන්නෙ නැතුව ඇස් පියාගත්තත් ජිමින් නම් හිටියේ මං දිහා බලාගෙනමයි.

නූනා..ඔයා ලස්සනයි...

විකාර කියවන්නෙ නතුව නිදාගන්න චිම්..හෙට ඔයා ස්කූල් යන්න ඕන..

විකාර නෙවෙයි මං ඇත්තටම කිව්වේ...

හ්ම්...

නූනා..

ඒපාර මොක්ද....

මං ඔයාව බදා ගන්නද...මං ඔම්ම එක්ක නිද ගත්තොත් ඔම්මව බදාගෙන නිදා ගන්නේ...හාද...

හ්ම්ම්...

මං ඕනවට එපාවට එහෙම කිව්වත් ඒ කිව්ව පමාවට ජිමින් මගේ ඉන හරියෙන් එයාගෙ එක අතක් දාගෙන මාව බදාගත්තම මගේ මුලු ඇගම හිරි වැටුනා.ඒ බදාගත්ත් පාර ජිමින් මට තවත් ලං උනා.මට ජිමින්ට එපා කියන්න හිතුනෙත් නෑ.මගේ හිත කොහෙත්ම මේ දැන් දැනෙන හැගීමට එපා කියලා පයින් ගහන්න කිව්වෙ නෑ.ඒත් මටත් හොරා මගේ හාට් එකනම් එකසිය ගානට ගැහෙනවා.සමහරවිට ඒක ජිමින්ට දැනෙනවත් ඇති.ඒක මතක් වෙනකොට මාව රතු උන.මං හිමීට එහෙමම ඇස් ඇරලා ජිමින් දිහ බලද්දි ජිමින් හිටියේ ඇස් පියාගෙන.

Unexpected wishWhere stories live. Discover now