Episode 9

896 132 8
                                    


ස්ටේජ් එකේ පෝළිමට වාඩි වෙලා හිටිය කොල්ලො හත්දෙනා අතරින් මුළින්ම හිටියෙ යුන්ගි. හිතට දැනුණු නොසන්සුන් කමට අත් දෙකෙන්ම අල්ලගෙන හිටිය BTS ලගෙ අලුත්ම ඇල්බම් එකත් අත් වලට ගුලි කරන් මන් යුන්ගි ඉස්සරහින් හිටගත්තත් වචනයක්වත් කතා කරගන්න තරම් සිහියක් මට තිබුණෙ නෑ. මොකද මාව දැකලා පුදුම වුණු යුන්ගි කෙනෙක් දකින්න මන් ගොඩක් නොයිවසිල්ලෙනුයි හිටියෙ. මගේ කිසිම සද්දයක් නැති තැන යුන්ගි එයාගෙ අතේ තිබුණු පෑනත් ඇඟිලි වලින් කරකවන අතරෙම මන් දිහා බැලුවත් යුන්ගි නෙමෙයි පුදුම වුණේ මන්..... ඔව් ඒ ඇස් වල කිසිම පුදුමයක් නෑ... අඩුම තරමෙ පුංචිම පුංචි විශේශයක්වත් නෑ.

"ඔයාගෙ ඇල්බම් එක...."

එයා එහෙම කිව්වමයි මට මතක් වුණේ යුන්ගිගෙන් සයින් කරගන්න ඇල්බම් එක දෙන්න. මන් දුන්න පරක්කුවට යුන්ගි හිනාවෙලා ඇල්බම් එකේ පිටු පෙරළන්න ගත්තත් යුන්ගිගෙ මූණෙ තිබ්බ හිනාව මගේ හිතේ හොඳ හැඟීමක් ඇති කළේම නෑ. නෑ... නෑ.... ඒක යුන්ගිගෙ හිනාවෙ අවුලක් නෙමෙයි. ඒක හරිම මිත්‍රශීලී හැම ෆෑන් කෙනෙක්ටම ලැබෙන විදිහෙ ආදරණීය හිනාවක්. ඒත් අනිත් ෆෑන්ලා වගේමද අපිත්.... මාස තුන හතරකට කලින් එකම ගෙදරක ටික කාලෙකට හරි ජීවත් වෙච්ච අපිව මෙච්චර ඉක්මනට BTSලා අමතක කරලද....

"ඔයාගෙ නම මොකද්ද."

යුන්ගිගෙ කටහඬටයි මගේ කල්පනාව බිඳුණෙ. හැබැයි ඒ ප්‍රශ්නෙට මගේ හිතේ ආපහු පාරක් පුංචි බලාපොරොත්තුවක් ඇති වුණා. මගේ නම ඇහුවම යුන්ගිට සමහරවිට මතක් වෙයි. කොහොමත් යුන්ගි අනිත් අය වගේ මුළදි මායි සඳූයි එක්ක එච්චර හොඳින් හිටියෙත් නෑනෙ.

"කවී... කවී ජැන්ග්..."

ආයෙත් යුන්ගි ඇස් හීනි කරලා හිනා වෙලා මගේ ඇල්බම් එකේ සයින් කළා මිසක් මගේ බලාපොරොත්තු වලට සාදාරණයක් කළේ නම් නෑ. සයින් කරපු ඇල්බම් එක ඊට එහාපැත්තෙ හිටිය සොක්ජින්ට දිහාට තල්ලු කළාම මාත් යුන්ගි ගාවින් එහාට ගිහින් ඊළඟට හිටිය සොක්ජින් ගාවින් හිටගත්තේ ආයෙත් හිතේ ඇති වුණු අලුත් බලාපොරොත්තු එක්ක. යුන්ගිට අමතක වුණාට සොක්ජින්ට මාව අමතක වෙන්න විදිහක් නෑ. මගේ හිත එහෙම කෑ ගැහුවත් සොක්ජින්ගෙන් ලැබුණෙත් යුන්ගිටම සමාන ප්‍රතිචාරයක් වෙද්දී මට දැනුණෙ පුදුම තරමෙ අසරණ කමක්.

A Beautiful Love (JK sinhala FF)Where stories live. Discover now