Episode 4

984 140 22
                                    



"ඔයා ජන්කුක් කිව්වෙ මෙයාටද..... ඒත් මෙයාගෙ නම ජස්ටින්නෙ. ඇයි ඔයා ජන්කුක් කියන්නෙ."

බිබී හිටපු වතුර එකත් හිර කරන් ජන්කුක් කහින්න පටන් ගනිද්දි ටේහ්‍යුන් ජිමින් දෙන්නා මූණට මූණ බලා ගන්නවා දැක්කත් මන් නම් කළේ හිත යටින් හිනාවුණ එක. මට හිතෙන්නෙ ජිමින්ට අමතක වුණා එයාලගෙ ජන්කුක් මෙහෙ ඉන්නෙ ජස්ටින්ගෙ වෙස් අරගෙන බව.

"ආහ්.... මෙයාගෙ නම ජස්ටින් තමයි. අපි ආදරේට ජන්කුක් කියන්නෙ. හරියට nickname එකක් වගේ."

මූණත් එහෙට මෙහට හරව හරව ටේහ්‍යුන් ඇඟේ පතේ නොගෑවෙන්න පුංචි බොරුවක් කියද්දි මටත් ඕනි වුණේ ඔයා මෙයා කියලා ජන්කුක්ට කතා කරපු කාලෙට තිත තියන්න.

"මාත් එහෙනම් ඔයාට ජන්කුක් කියන්නද."

"ඔයාගෙ කැමැත්තක්."

මන් දිහා බලලා හිනාවෙලා කුක්කා එහෙම කිව්වට කොල්ලා රැව්වා රැවිල්ලක් එයාගෙ අර අහිංසක අයියලා දෙන්නට..... මන් හිනාව නතර කරන් හිටියෙ බොහොම අමාරුවෙන්. කොහොමහරි අන්තිමට මට කටපුරෝලා ජන්කුක්ට නම කියන්න චාන්ස් එකත් ලැබුණත් තාමත් මට බැන්ටන් කොල්ලො හත්දෙනා ඉස්සරහා සාමාන්‍ය විදිහට හැසිරෙන එකනම් හිතුවට වඩා ගොඩක් අමාරු වුණා. එක අතකට සිහින කුමාරයො හත්දෙනාම මගේ ඇස් මානයේ ඉද්දි මන් කොහොමද දෙයියනේ අසාමාන්‍ය නොවී ඉන්නෙ.

........................................................................
හවස් වෙද්දි සඳූ අපේ ගෙදර ආවෙ ආපහු යන්න බලාගෙන නම් නෙමෙයි.... දවස් දෙක තුනක් යනකන් දුම්මල ගහලවත් එළවන්න බැරි බව කෙල්ල ගෙනාපු ඇඳුම් තොගේ දැක්කම මට තේරුණා. කොහොමත් තව සතියකින් අපි දෙන්නගෙ ට්‍රේනින් කාලෙත් ඉවර වෙන එකේ අන්තිම සතියෙ සඳූ අපේ ගෙදර ඉදන් ඔෆිස් යන එකට මගේ හිතේ කොනකත් පොඩි සතුටක් නැතුවම නෙමෙයි. අනික හැන්ඩ්සම් කොල්ලො හත් දෙනෙක් ගේ අස්සෙ දාගෙන තනියම ඉන්නවට වඩා සඳූත් මගෙ තනියට ඉන්නවට මාත් කැමතියි.

"අනේ මගෙ චිමී..... එයා හරිම කියුට්. මට එයාගෙ කම්මුල් දෙකෙන් අල්ලලා මිරිකලා දාන්න හිතෙනවා කවී. අර බලන්නකො එයා කන විදිහ පොඩි බබෙක් වගේ."

A Beautiful Love (JK sinhala FF)Where stories live. Discover now