Episode 5

992 134 12
                                    


"මන් හිතන්නෙ සෘතිය නෙමෙයි කවී.... එයාලට තියෙන්නෙ වෙන ප්‍රශ්නයක්."

සඳූගෙ කනට කරල හෙමින් සැරේ ඇහෙන නෑහෙන ගානට මුමුණන අතරෙම සඳූත් මගේ මූණ දිහා බැලුවෙ හරියට එයාට හිතෙන දේමද මටත් හිතෙන්නෙ කියලා දැනගන්න වගෙයි. මේ මොහොතෙ අපි දෙන්නා දිහා කන්න වගේ බලාගෙන ඉන්න කොල්ලො හත්දෙනාගෙ බැල්මෙන්ම ගොඩක් දේවල් තේරුම් යද්දි මාත් දෙපාරක් නොහිතම සඳූ දිහා බලලා ඔලුව වනලා ඔව් කිව්වා. මොකද මෙච්චර වෙලා ගිරිය පුප්පන් කෑ ගහලා කිව්ව සිංදු හැම එකක්ම අයිති දැන් මේ අපි දෙන්නා ඉස්සරහා අනිමිසලෝචන පූජාව කරනවා වගේ ඇහිපිල්ලන් ගහන්නෙවත් නැතුව බලන් ඉන්න කොල්ලො හත්දෙනාට.

"කවී.... සඳූ..... ඔය දෙන්නගෙන් කවුරු වුණත් කමක් නෑ මට මෙතන සිද්ද වෙන දේ පැහැදිලි කරන්න."

නම්ජූන් අහන්නෙ මොකද්ද කියන දේ අපි දෙන්නට ඕනවටත් වඩා පැහැදිලි වුණාට දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් දෙන්න උත්තරයක් ළඟ තිබුණෙ නෑ. මොකද මෙච්චර දවසක් BTS කියන අකුරු තුනවත් නොදන්න ගානට ජීවත් වුණ අපි දෙන්නා එකපාරටම එයාලගෙ සිංදු කියද්දි නම්ජූන්ට වුණත් මළපනින එක සාදාරණයි. මොකද ඉතිං අපි කරපු බොරුව විතරක් නෙමෙයි මෙයාලා අපි දෙන්නට කියපු බොරුත් අතේ මාට්ටු කියලා හෙළිවුණාම කාට වුණත් ලැජ්ජාවටත් එක්කම කේන්ති යනවනෙ.

"ඇයි සඳූ මෙයාලා ගේ ඇතුළට එනකන්ම අපිට ඇහුණෙ නැත්තෙ."

"අපි ඉතිං සිංදු කියපු විදිහට වෙන සද්ද බද්ද ඇහෙයිද කවී."

"ඒකත් ඇත්ත නේහ්. අපරාදෙ fake love එකේ හොඳම හරිය කියන්න තිබුණෙ.... මෙයාලට තව පොඩ්ඩක් ඉන්න බැරි වුණානෙ."

"ඒයි මෝඩි.... දැන් ඒකද ප්‍රශ්නෙ."

බැන්ග්ටන් කොල්ලො හත්දෙනා මදිවට ඒ ගමන මෙන්න මේකිත් මට රවනවා. දැන් එතකොට පාඩුවෙ සිංදුවක් කියාගෙන පැත්තකට වෙලා හිටිය මේ අහිංසක මන්ද හැමෝටම වැරදි.

"හරි හරි ඔච්චර ‍රවන්නෙ නැතුව ඉන්නවා සඳූ... මෙයාලා අපෙන් සිංදු වල copyrights ඉල්ලුවෙ නෑනෙ."

"copyrights ඉල්ලුවා නම් මීට වඩා හොඳයි....."

හැබැයි ඒ කතාවෙත් ගත් යුත්තක් නැත්තෙමත් නෑ. යුන්ගි ඔප්පගෙ මූණ එහෙම දකිද්දි නම් මට හිතෙන්නෙම මෙතනින් පැනලා දුවන්න. ඒත් මගේ වාසනාවටද අවාසනාවටද මන්දා මන් පැනලා දුවන්න කලින් කොහෙන්ද මන්දා ආපු අතක් මාව හයියෙන් අල්ල ගත්තා. අල්ලගෙන විතරක් නතර වුණා නම් කමක් නෑ කියමුකෝ..... ඒ නහර පිරුණු ටැටූ ගහපු අතින් මාවත් ඇඳගෙන ගෙදර දොර දිහාවට ඇවිදගෙන ගියේ වෙනකවුරුත් නෙමෙයි ජන්කුක්. මේකා ඇවිදින වේගෙට මගේ අත කොයිවෙලේ ගලවලා ගනීද කියලා මන් බයේ හිටියේ. හපොයි..... එහෙම වුණොත් කොහොමද මන් එක අතින් ජීවත් වෙන්නෙ. මැරි කරන්නත් කලින් අබ්බගාතයෙක් වෙන්න මට බෑ. කුක්කෝ ඔයා මගෙ අනාගතේම අඳුරු කරන්න ඔය හදන්නෙ.

A Beautiful Love (JK sinhala FF)Where stories live. Discover now