ජිමින් ශ්ශ්...මේ බලන්න නූනට රිදෙන්නෙ නෑ හොදද..බෙහෙත් දැම්මම හරියයි..

ම්ම්..ඕකේ නූනා අපි ඉක්මනට යන්..

ජිමින් එහෙම කියලා එයාගේ මූනේ තිබ්බ මගේ අත් හිමීට අරගෙන එයාගෙ එක අත්කින් මගේ අත හයියෙන් අල්ලගන්නකොට මට හරිම අමුතු හැගීමක් හිතට ආවා.ඒත් මං ඒක තේරුම් ගන්න පුලුවන් වෙලාවක් නෙවෙයි මේ.

ජිමින්..

නූනා.

ඔයාට හැමදාම මෙහෙම වෙනවද..

මොකක්ද නූනා.

බුලි වෙනවද?

මං එහෙම ඇහුවම ජිමින් හිමින් එයාගෙ මූන බිමට හරවගත්තම මට තේරුම් ගන්න පුලුවන් උනා එයාගෙ උත්තරේ.මට ඕනෙ උනා එයාට උදව් කරන්න.ඒත් මං දැනගත්තා මට හැමදාම එහෙම කරන්න්න බෑ කියලා.එයා තනියම ඒවට මුහුන දෙන්න දැනගන්න ඕනෙ.කොහොම උනත් මගේ හිතේ තිබුනේ මේ වෙලාවේ මට ගෙදර යාගන්න පුලුවන් වේවිද.නැත්තන් බැරි වෙයිද කියන ප්‍රශ්නේ විතරයි.

ජිමින් දෙයක් මතක තියාගන්න ඔයා හරි නම් අනිත් අය කියන දේවල් වලින් වෑඩක් නෑ.එයාලා මොනවා කිව්වත් ඔයා හරි නම් එයාල ආයේ දේවල් ආපස්සට ගන්නම වෙනවා.තේරුනාද? ඔයා ආදරේ කරන්න ඕනෙ ඔයාට.කාටත් වඩා.ඔයා ඉන්න විදිය ඔයාට හොදයි නම් ඒකෙන් අනිත් අයට වැඩක් නෑ.අරස්සෝ?

මං එහෙම කිව්වම ජිමින් කදුලු වැක්කෙරෙන ඇස් වලින් මං දිහා බැලුවම මට තේරුනා එයා අඩනවා කියලා.මං දන්නේ නෑ ඒත් එමට හිතුනා එයාට මේ වෙලාවේ හග් එකක් ඕනෙ කියලා.ඉතින් මං එයාව බදාගත්තා.එයා මාව බදාගෙන හයියෙන් අඩන්න ගත්තා.මම එයාව සන්සුන් වෙන්න කියලා හිතාගෙන එයාගෙ පිට අතගානකොට මට තේරුන එයා අඩන එක නතර කරනවා.මං එහෙමම එයගෙ මූනට නැවිලා අයෙ එයා එක්ක කතා කරා.

Unexpected wishWhere stories live. Discover now