'' යමු.. '' ගවීෂ් වතුර කළේ තිබ්බ බරටත් එක්කම තොල් දෙක තද කරගෙන කිව්වේ දෙපාරක් හිතන්නැතුව කිව්වේ අරවින්ද් මුකුත් කියන්නැතුවම ගවීෂ් එක්කම මළුව ඇතුළට අඩිය තියද්දි... ඍෂිවරු තාමත් ශ්ලෝක කියනවා ගවීෂ්ට ඇහෙනවා... මළුව වටේ දෙපැත්තෙන් කහ වතුරෙන් දෝවන වතාවත්  කරලා ඉවර කරපු ගවීෂ් ඩියෝන් අතට දීපු ගගේ උල්පත් වතුරෙන් මේච්‍යුරි ගහ දෝවනය කළේ අරවින්ද් එක්කමයි... අහස දැන් සන්සුන්.... ගවීෂ් මේච්‍යුරි ගහ දිහාවට වරදකාරී බැල්මක් හෙළුවේ ඇස් දෙක තත්පරේකට පියාගෙන... කාගෙන් හැංගුවත් , මේ ගහ , මේ හුළගෙන් මොනවා කියලා හංගන්න ද ?

රැ තිස්සේම වතාවත් ශ්ලෝක කියනවා ගවීෂ්ට ඇහෙනවා...මේ දවස්වල එක පිට එකක් මහන්සියට ඇස් පියවෙන්න ආවත් සීයා ඉදිය නිසාම මිනිහා කාගෙන මළුව එහා පැත්තේ ඉදපු මියුන් දිහා බැලුවේ කියන ශ්ලෝක සේරම ඔළුවෙන් අයින් කරලා... එයාලාගේ තුන් වෙනි පරම්පරාවම වගේ ඉදියේ සොහොන්ගල් පැත්තට වෙන්න.... ආශක්‍යසිංහ තුන් වෙනි පරම්පරාව දකුණු පැත්තේ... වේඝර්ණලා වමේ.... මැද වැලි මළුව.... පැත්තේ මේච්‍යුරි ගහ...  ඉස්සරහාම දෙවෙනි පරම්පරාවෙන් වැඩිහිටි අයගෙන් පිරිලා... අරවින්ද් පැත්තට පැනපු නිසාම කළ දෙක තියන්න යන සීන් එකේම ගවීෂ්නුත් පිටිපස්ස හරියට පැනගත්තේ මේ මහන්සියත් එක්ක අනිවාරෙන්ම ඇස් දෙක පියවෙන බව දන්න නිසා.. මියුනුයි අරවින්ද්නුයි ටිකකට කලින් නම් ඉදියේ මොනවා හරි කතා කර කර.. ගොඩක් වෙලාවට උත්සවයට කරන කුප්ප ප්ලැන් වෙන්නැති.. විශ්වාස කරන්න බෑ ඕකුන්... ඇලට් එකේ ඉන්න ඕන.... එත් - ම්ම්මම්ම්ම්ම්....

'' ගවීෂ් , මහන්සි ද ? '' යොවන්දි ඇහුවේ ගවීෂ් ඇස් හිමින් අරිද්දි... කොහෙද මේ මොනව - අහ්... වතාවත්.....ගවීෂ් යොවන්දිගේ උරහිසෙන් ඔළුව ඉස්සුවේ වටේ පිටේ ක්ලියර් වෙනකං ඉදලා...  කොයි වෙලේද සාම්ත මට නින්ද ගියේ.??

'' නෑ නෑ.. කොල්ලො හොද ෆිට් එකේ ඉන්නේ... '' ආයෙ ඇස් දෙක පොඩි කරලා කෙලින් වෙන ගමන් ගවීෂ් කිව්වේ යොවන්දි දිහා බලලා මලානික හිනාවක් දාලා...

'' අපෝ පේනවා.. ! '' යොවන්දි කිව්වේ ගවීෂ් ඔළුව තියන් ඉදපු උරහිස අකුලන ගමන්... කෙල්ලගේ උරහිස කොච්චර වෙලාවක් තිස්සේ හිරි වැට්ටුවද දන්නැ.. හය්යො...

- Plot 23 -Hikayelerin yaşadığı yer. Şimdi keşfedin