👻 Chapter 06 👻

44 6 6
                                    

👤 - ඒවා නම් ඉතිං අපි දන්නෙ නෑ... ඒ කට්ටිය ඒවා හැංගුවා... අහන්න විදිහක් තිබ්බෙත් නෑ....

Jimin - ආ....
එතකොට අර ජෝන් කියන කෙනා අයෝව දැක්කා කිව්වෙ...?

👤 - ඔව් මහත්තයා.... අවුරුද්දෙ දානෙන් පස්සෙ අයෝ නෝනා ගෙ අවතාරෙ මෙහෙ ගොඩක් අය දැකලා තියෙනවා... රෑට කනත්තට එනවා...

๏๏๏๏๏๏๏๏๏๏



👤 - මහත්තයා නොදන්නව උණාට අර ජනේලෙත් වැහුවෙ ඒ නිසා තමා....

Jimin ට තරමක සැකයක් නැගුණේ ය. අවුරුද්දකට පසු අවතාරයක් එන්නේ කෙසේද..? මේ නම් මිනිසුන්ගේ කට කතා අනුසාරයෙන් කවරෙක් හෝ සොරකම් වලට මග පාදා ගන්නට කළ මගඩියක් දැයි Jimin ට සිතුණේ ය.

Jimin - ඒකනම් මං හිතන්නෙ මේ ඒ මනුස්සය බීල වෙරිවෙලා වෙච්ච එකක්... මීදුම දකින්න ඇති... වෙරි වෙලා මොකක් හරි කරන්න ගිහින් පඩිපෙළේ ලිස්සල වැටෙන්න ඇති....

👤 - එතකොට මහත්තයා කියන්නේ හොල්මන් නෑ කියලා ද?

Jimin - මං එහෙම කිව්වෙ නෑ... මෙතන එහෙම දෙයක් නිසා නෙවෙයි ජනේලෙ වහල තියෙන්නෙ... ඒ මොකද මාත් සති දෙක තුනක් ම ඒ ජනේලෙන් බැලුවා නේ කනත්තෙ කොටසයි පාරයි හොඳට පේනවා මිසක් වෙන මොකක්වත් දැක්කෙ නෑ...

එවරනම් සියල්ලෝ ය මුහුණ ට මුහුණ පැළ ගත්තේ කියන්නේ කුමක් දැයි සිතාගන්නට බැරිවය...

Jimin - ඒක නෙවේ... මොකක්ද දැන් මේ එදා උණා කිව්වෙ....?

👤 1 - එදා උදේ... සෙනසුරාදා නේද....? අපේ ජෝන් කොහෙහරි යන්න උදෙන්ම ගිහින් තියෙන්නෙ... කනත්ත ළඟදි කවුරුහරි කෙනෙක් අර අයෝ දරුවගෙ සොහොන ළඟින් නැගිටලා එනවා දැකලා..

👤 2 - ජෝන් දැකලා තියෙන්නෙ අයෝ ළමයා එතන ඉඳගෙන එයා දිහා බලාගෙන ඉන්නවා...

Jimin - කීයට විතරද ඒ...?

Shop Owner - ඒ වෙලාවෙ හරියටම රෑ පාන්දර... ජෝන් ආවේ අපේ කඩේට... මං ඉතිං නැගිටලා හිටියට ඒ වෙලේ කඩේ අරින්නෙ නෑනේ.. ඉස්සෙල්ලම හූවක් ඇහුණේ.. පුදුම හූ සද්දයක්... මං හිතුවෙ කාටහරි අසනීපයක් කරදරයක් කියලා... නැගිටින්න යනකොටම තමා දොරට ගහනව ඇහුණෙ... බලද්දි ජෝන්... යන්තම් මේ බංකුවක ඇලවෙලා.. එවෙලෙනම් ඇස් දෙකත් උඩ ගිහින්... කතා කරන්න පුළුවන්කමක් තිබ්බෙත් නෑ.... ඊට පස්සෙ අර පාර මුල ඉන්න වෙද මහත්තයා ගෙන්නුවට පස්සෙ තමා හරි ගියෙ...

You've reached the end of published parts.

⏰ Last updated: Jul 17, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

WHO IS SHE..? (PJM) || ONHOLD ||Where stories live. Discover now