👻 Chapter 05 👻

52 9 18
                                    

සතර අතටම නෙත් යැවුවද ඔහුට කවරෙකු හෝ යන හඬක් හෝ වෙනත් යමක් දකින්නට නොහැකි විය. උඩ පාරට යන නිවස ඉදිරිපිට පාරේ සෑහෙන තරමක් දුරට ඔහුට එම ජනේලයෙන් පෙණෙන හෙයින් ආව තැනැත්තාගේ ශබ්දය එන්නට ඇත්තේ සමහරවිට මෙතනින් තරමක් ඈතට ගිය පසුව බව ඔහු සිතුවේ ය...

නමුත් දෙවනි වර ඔහුගේ ඇඟම සීතල වී ගියේ....







๏๏๏๏๏๏๏๏๏






කනත්ත දෙසින් කිසියම් රුවක් මතුවෙද්දීය. මෙය සිහිනයක් නම් නොවන බව ඔහුට සිතුණේය. පැය ගණනක් ලැප්ටොපයේ වැඩ කළද ඔහුට එවැනි නිදිමතක් එන්නේ නැත. එය මිහිදුම මැද හොඳින්ම ඝනකැමැති වස්තුවක් මෙන් පෙණින. වස්තුවක් ලෙසද කිව නොහැක්කේ එය චලනය වූ නිසාය.

පළමු ව සිරුර සිහිතල වී ගියද, දෙවන වර ඔහුගේ සිතට ආවේ කුතුහලයකි. ඒ ගැහැණු රුවක් ද පිරිමි රුවක් ද යන්නයි.

ඒ රුව ගියේ කනත්ත තුළටය. ඔහු බොහෝ විමසිල්ලෙන් අසා සිටියද හොඳින්ම බලා සිටියද, ඉන්පසු ඒ රුව දුටුවේ නැත. එලෙස ශබ්දයක්ද ඇසුණේ නැත.

එළියට ගොස් බලන්නට නම් ඔහුට සිතුණේ නැත. යතහොත් යන්නට වන්නේ තනියමය. තනියම යනවා විනා මේ හොල්මන් කතාවලින් බිය වී සිටින කවරෙක්වත් ඒ ගැන හොයන්නට නොඑන බව ඔහු සිතුවේ ය.

 තනියම යනවා විනා මේ හොල්මන් කතාවලින් බිය වී සිටින කවරෙක්වත් ඒ ගැන හොයන්නට නොඑන බව ඔහු සිතුවේ ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
WHO IS SHE..? (PJM) || ONHOLD ||Where stories live. Discover now