" එපා , ඔයානේ පෙරේත ඔයා කන්න "

" පෙරේත නෑ හලෝ මන් ආසයි "

එකක් කටේ දමාගත් දිහස් දෑස් පියාගෙන සෙමෙන් චොක්ලට් කටේ දියවෙන සැටි විදින්න වුනා. අවීන් සෙමෙන් දිහස්ගේ හිස අත ගා කනට ලංවී... " මන් ගෙනත් දෙන්නම්කෝ එපාවෙන්නම " කියා මිමිනුවා.

" අන්න වැරදින තැන , චොක්ලට් මට ලේසියෙන් එපා වෙන්නෑ..... ඔයාට ගොඩක් මහන්සී වෙන්න වෙයි "
දිහස් දෙවනි චොක්ලට් එකකත් කටේ දමාගත්තා

" හරි හරි උබට නැතුව මන් කාට කරන්නද ඉතින් "
අවීන් ටිකක් වටපිට බලා තම සාක්කුවේ වූ ලේන්සුව ගෙන දිහස්ගේ තොල් අග රැදි සහ දියවී යාම නිසා අත්ලේ ඉතිරි වූ චොක්ලට් පිසදැම්මා.

" මගේ පිස්සු පොඩි එකා....... "

" හුරතල් වෙවී ඉදපන් , මොනවත් කෑවද උබලා "
එකවර ආදරවන්තයන් මත කඩාපැන්න යොමාල් අහනකොට දිහස් උගුරපාදමින් අවීන්ගෙන් තරමක් ඈත්වුනා.

" කාලා ඉදපන්කෝ බන් "
යොමාල් ඉන්නේ හිස් විදුරු කිහිපයක් බිද ගන්නැතිව පරිස්සමෙන් රැගෙන යන්න හදන ගමන් , මේපාර නම් බිදගත්තොත් අම්මගෙන් නොනැවති බිරිදගෙනුත් බැනුම් අහන්න වන නිසා ඔහු ඕනවටත් වඩා පරිස්සමෙන් වන බවක් පෙන්නෙන්න තිබුනා.

" හරි මන් පොඩ්ඩක් බලලා එන්නම්.....තා වයින් වීදුරුවකුත්  "
ඇසක් ඉගිමරමින් දිහස් නැගිට ගියා.

ඇසෙන ගීතයත් හෙමින් මුමුණමින් දිහස් අත් පිටුපසට කර ඇවිදින විට ඉදිරියෙන් ආ දෙව්නි දිහස්ගේ ඇගෙහි හැප්පුනේ ඇදසිටි ලා රෝස පැහැ කමිසය වතුරෙන් නාවමින් ,

" ආහ්........සොරි නංගි මාත් අහක බලන්නේ ආවේ "
දිහස් තම ඇග පිසදමමින් කියනකොට දෙව්නි නක්කලයට මෙන් සිනාවුනා.

" ඔයා තමා කෝමත් මෙතන ලොකුම වැරැද්ද ? "
දෙව්නි දිහස් දෙස ගිනි ගන්නා තරන් දැවෙන පෙනුමෙන් බලාසිටියි.

" ඇයි "
දිහස්ට කීමට මතක් වුනේ එපමණයි.

" ඇයි !! , ඇයි නෙමේ...... කාලයක් අතුරුදන් වෙලා හිටියා නේ ඇයි ආයේ ආවේ....... "

" නංගී මොකද මේ......මං මොකද්ද ඔයාට කරපු වැරැද්ද ...... ඇයි මෙහෙම කියන්නේ....."
එකවර අහසින් කඩාවැටුනා වගේ දෙව්නි තමන්ට බනින එක සම්බන්ධව දිහස්ට අංශු මාත්‍රයක්වත් නොවැටහුනා.

One Day ( BL) (Onhold )Where stories live. Discover now