(.7.)

574 106 4
                                    

" මං යනවා පෙරඩ් එකට "
දිහස් එයාගේ අත් පා චලනය කරන ගමන් කියයි. මියුමි ඒ අසලම මේසයක් මත වාඩිවී සිටියි.

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය වෙනුවෙන් කාර්‍යබහුල ලමුන් පන්ති වල නිනැවති එහෙමෙහේ දුවයි.

දැනට පන්ති කාමරය තුල රැදි සිටින්නේ මේ  තරුණිය හා තරුණයන් දෙදෙනා පමනි.

" ඔයා "
අවීන් කටකොනින් සිනාවිය.

" ඇයි මොකෝ  "

" ඔයාට ඒක කරන්න බෑ "

" ඔයා කොමද ඒම කියන්නේ අවී...අපේ දිහස්ව රිද්දනෝ ඔයා "
මියුමි දිහස්ගේ පිට අත ගාන ගමන් අවීන්ට ඔරවනවා.

" එකනේ මියූ මේයා හිතන් ඉන්නේ මං බබෙක් කියලා "
දිහස් අවීන්ගේ කීමට මියුමි හා කතාකලේය. ඔහු දැන් මියුමි එක්ක මිතුරුයි. ඇය අහිංසක මෙන්ම හුරුබුහුටි බව දිහස්ට දැනෙයි.

" බබෙක් වගේ නෙමේ බබෙක් තමා "

" යනවා හලෝ යන්න , පුලුවන් නම් ඔප්පු කරනවකෝ "
දිහස් අවීන්ව තල්ලුකලා.

"ආ.. ඔප්පු කරන්නද "
අවීන් තම දඹරගිල්ල දිහස්ට දිගුකලා.

" කොරනවකෝ කොරනවකෝ "
දිහස් ඉනට අත තියාගෙන බලා සිටි. අවින් කරකොනින් සිනාවිය.

" පෙරඩ් ප්‍රැක්ටිස් කරන්නේ අව්වේ , ඔයාට අව්වේ ඉන්න බෑ ,
ඔයා කැමතිත් නෑ.
අනික කෝමත් පැය ගණන් හිටන් දාඩිය පෙරාගෙන මහන්සිවෙන්න ඔයාට  බෑ මොකද ඔයාට ලෝ ශුගර් නේ ,
මියූ බොරුනම් දැන් බලන්න මෙයාගේ සාක්කුවේ පුංචි චොක්ලට් එකක් ඇති. "

අවීන් දිහස්ගේ කලිසම් සාක්කුවට අත දික් කරන කොට මියාමි ඔලුව වනලා කලිසම් සාක්කුව උඩින් අත තිබ්බා.

" ලැජ්ජ නැද්ද "
දිහස් මියුමිගේ අතට ගැහුවා.

" ඉතින් අවීනේ කිව්වේ කරන්න කියලා "

" එයා කියන හැම රෙද්දම කරනවද ඔයා "

" ඇයි මට බනින්නේ "
මියුමි දිහස් දිහා බලලා අවීන් දිහා බැලුවේ තමන්ගේ පැත්තට කතා කරන්න කියන්න වගේ.

" ඒකනේ ඇයි අපේ පුංචි කෙල්ලට බනින්නේ , මියූ තිබුනා නේ ඒක "

" ඕ  "
මියුමි හිනාවෙලා ඔලුව වනලා ආයේ එකපාරම දෙයක් මතක් වුනා වගේ ඔලුව පැත්තට කරලා ඇස් ලොකු කලා.

" ඔයා දිහස් ගැන හැමදේම දන්නෝ නේ "

" ආහ්...... නෑ එහෙම නෑ "
අවීන්ගේ හදවත වේගයෙන් ගැහෙන්න විතරක් නෙමේ සිරුර දිගේ වේගයෙන් විදුලියක් යනව වගේ දැනුනා.

" එමතමා "

" ඒම නෑ "

" මියූ , මොනාද කරන්නේ කොල්ලො දෙන්නෙක් මැද්දට වෙලා . "
ආශ්කා එක්ක ඇවිත් හිටිය තවත් කෙල්ලෙක් දොරට කකුල තියන් ගවුම් සාක්කුව අත දාගෙන ඉන්නවා.

" රන්ඩු වෙනවා "
මියුමි මේසෙ උඩින් බහින්න හිතන් කකුල බිම තියන්න බැලුවා.

" බස්සන්නකෝ "
මියුමි තමන් දිහා බලන් හිනාවෙන අවීන්ගේ කමිස අතින් අදින ගමන් කෑගහනවා.

" නැගගත්තේ මහ ලොකුවට "
" දොඩම් ගෙඩි දෙකක් තරන්නෑ , මේකිගේ කට "
අවීන් මියුමිට බහින්න උදව් කරා.

" ඒ අවී අර කෙල්ල නිකන් කොල්ලෙක් වගේ නේ "
මියාමිගේ කරට අත දාගෙන යන කොට කොන්ඩයක් සහිත කෙල්ල දෙස බලමින් දිහස් කියනවා.

" ආ එයාද ඒ එයාගේ හැටි , හාවා හද දකිනවා වගේ ඉස්කොලේ එන්නේ "
අවීන් සුලුමොහොතක් දිහස් දෙස බලා සිට ඔහුට ලංවිය.

" ඉතින් ඒකට මොකද ඔයා කෙල්ලෙක් වගේනේ "
අවීන් කියනකොට දිහස්ගේ කම්මුල් රතුවෙන්න ගත්තා.

දිහස් අවීන්ගේ පපුවට ගහනකොට අවීන් දිහස්ගේ අත පපුවට තියලා තද කලා.

" එපා , එතන රිදෙනවා. ගොඩක් "
අවීන් හිමින් මුමුනනකොට දිහස් ඇස් ලොකු කරන් බලන් හිටියා.

" මං ගැන හැමදේම මතකයිනේ ඔයාට "
දිහස් එකපාරම කියනකොට දිහස්ගේ අත අතඇරපු අවීන් පන්ති කාමරෙන් එලියට ගියා.

" අවී....... උබ දැන් හරි අමුතුයි . "
දොර අසල නතර වී සිටි ආශ්කා කියන කොට අවීන් හුස්මක් පිටකලා.







































Kishu :-)

One Day ( BL) (Onhold )Where stories live. Discover now