(.26.)

439 82 8
                                    

" අර අරක "
මියුමි දිහස්ව ඇසින් පෙන්වමින් අවින්ගෙන් අසනකොට දිහස් හිස ඔසවා අවීන් දෙස බැලුවා.

" තාම නෑ "
අවීන් තම පාඩුවේ කන්න වුනා.

" කියන්න , ඔයා වරදක් කරලා නෑනේ.... "

" මොනමගුලක්ද කියවන්නේ !! "
දිහස් කෑගසයි.

ක්‍රිඩා පිටියේ ළමුන් පිරිසක් ගුටිකෙලියේ යෙදී සිටියි. ඔවුන් සියල්‍ය් දෙනාගෙම පාහේ කමිස පොඩිවි දාඩියෙන් පෙගි තිබිනි.

ඔවුන්ගේ බෝලය විසිවී අවීන් ලගට පැමිනෙන සැටි අවීන් බලා සිටියා.

" අඩෝ බොලේ එවපන් " කියා ඔවුන් කෑගසනකොට අවීන් බෝලය ගෙන ඔවුන් වෙතට විසිකලා.

" ලොකු දෙයක් නෙමේ චුටී , මම ට්‍රිප් එකට ඔයාටත් එක්ක ගෙව්වා . දැන් එන්න ඕන හොදද "
බෝලයේ තිබී තම අතේ ගැවුනු වැලි පිහිමින් අවීන් කියයි.

" මොකක් !? , ඇයි එහෙම කලේ තාත්තා  බෑ කිව්වොත් "

" ඇයි බෑ කියන්නේ එයා ? "

" එයා කැමති නෑ වියදම් වෙන වැඩවලට "

" කොහෙද ළමයෝ වියදම් වෙන්නේ , මන් ගෙවලා ඉවරයිනේ ඔයාට තියෙන්නේ එන්න විතරයි..... "

දිහස් දිගින් දිගටම කල්පනා කරයි. වියදම් නොවෙනවනම් ඕන දෙයකට තම පියා කැමති වෙයි. එවගේම තමාට මුදල් ලැබෙන දෙයක් නම් තම පුතාවුවද විකුනා දමන්න ඔහුට හැකි බව දිහස් හොදින්ම දනී.

" හාකෝ "
දිහස් හිමින් කියනකොට අවින් ඔහුව වැලදගත්තා.

" හා හා ඉස්කොලේ "
මියුමි බරපතල හඩින් කියන කොට අවීන් දිහස්ගෙන් ඈත්වුනා.

ඔවුන් සිනාවෙමින් කතාකරන්න වුනා.

මියුමිගේ ලිහෙන්න ආසන්න කළු රිබන් පටිය ගලවා දිහස් මියුමිගේ අතට දුන්නා.

" මොකද යකෝ ඒක ගැලෙව්වේ ? "

" ගැලවිලා තිබුනේ බන් රෙද්ද  "

දෙදෙනා පොඩි ළමුන් මෙන් රන්ඩු වන හැටි අවීන් බලාසිටියා.

මියුමි තම ගෙතු කොන්ඩය ඉදිරියට කර රිබන් පටිය ගැටගැසිය. ස්ට්‍රෙට් කොන්ඩයක් වුනු නිසා රිබන් පටිය ලිස්සා යාමේ අවධානමට ඉක්මනින් ලක්විය.

One Day ( BL) (Onhold )Where stories live. Discover now