(.12.)

496 107 18
                                    

" කම්මැලි "
දිහස් කම්මුලට අතගහන් ඔහේ ඉන්නවා.

ගුරුවරයෙකු නැති පරිච්ඡේදයක් වූ නිසා ළමුන් ඔවුනොවුන්ගේ ලෝකවල සිටියි.

අවින් එයාගේ සම්පූර්ණ අවධානය පොතක් වෙත ලබා දෙන අතරේ දිහස් අනෙක් පස පෝලිමක සිටින මියුමි දෙස බැලුවා.

මියුමිත් ඔහේ බුම්මන් ඉන්න විදියෙන් එපාවී ඇති බව තෙරුනු දිහස් ඇයට එන්න කියා අත වැනුවා.

" ආහ්...."
මියුමි කම්මුල මතවූ අත ඉවත්කොට හිස ඔසවා දිහස් දෙස බැලිය.

" පුටුව අරන් වරෙන් බන් "
දිහස් කියූ සැනින් මියුමි පුටුවක් ගෙන දිහස් සිටින පේලිමේන් තම පුටුව තබා නැවත දුවගොස් ආශ්කගේ අතින්ද ඇද ඇයගේ පුටුවත් ගෙන තබා වාඩිවුනා.

" ඇති යාන්තම් මං කම්මැලිකමෙන් හිටියේ "
මියුමි පුලුවන් තරන් හිනාවෙලා කිව්වා.

එක්වරම මියුමිගේ කඩාපත් වීමෙන් අයාන් කලබල වුනත් තමා කියවමින් සිටි පොත පසෙක තැබුවා.

" අපි සෙල්ලමක් කරමු "
දිහස් පොඩි ළමයෙක් වගේ ඇස් ලොකු කර කියනවිට මියුමි හිස වනා උද්‍යෝගයෙන් හා කිව්වා.

එහෙත් අවින්ගේ හා ආශ්කගේ පිලිතුරු ඊටවඩා වෙනස් විය.

" සෙල්ලම් කරන්න ඔයා බබෙක්ද " කියා ආශ්කා අසනවිට , අයාන්ගෙ මුහුනේන්ද එවැනිම පැනයක් අසන සෙයාවක් පෙනිනි.

" ඇයි අනේ , සෙල්ලම් කරන්නේ පොඩි අය විතරක්‍ යෑ ඉතින් "
මියුමි කියනවා.

" හරි මොකද්ද කරන්න ඕන ම්ම්........"
අවින් දිහස්ගේන් අසයි.

" අනේ මන්දා , ඔයාට අදහසක් නැද්ද ? "
දිහස් මියුමිගෙන් ඇසුවේ ඕනෑම මොහොතක ඇයට කීමට දෙයක් තිබෙන නිසාය.

" අපි මේම කරමු බෝතලයක් මේසේ උඩ තියලා කරකවලා ඒක නවතින පැත්තේ ඉන්න කෙනා ඉන්නවනේ එයා අපි කියන දේ කරන්න ඕන , නැත්තන් අපි අහන දේට උත්තර දෙන්න ඕන "
මියුමි විස්තර කරනවා.

" දැන් කියන්න එපා ඕක ෆිල්ම් එකකින් දැක්කා කියලා "
අවින් කටකොනින් සිනාවෙනවා.

" නෑ , ෆිල්ම් එකෙකින් නෙමේ , ඩ්‍රාමා එකෙකින් "

" ඔය කිව්වෙ "
ආශ්කා යාන්තමින් සිනාවුනා.

කෙසේවෙතත් දිහස්ට මියුමි කියූ සෙල්ලම කර බැලීමට අශා හිතුනා.

" ඒක කරමුකෝ ......... "
දිහස් අවීන්ගේ අත අල්ලගෙන සොලවමින් කියයි.

" හරි අපි කරමු "
අවින් හිස වැනිය.

" අවී......ඇත්තමද ? ඒත් ඔයා මේවගේ දෙවල් කරන්න එච්චර කැමති නෑනේ "

ලගක ඉදන් අවීන්ගේ හැසිරීම් වල ලොකු වෙනස්කම් ආශ්කාට පෙනෙයි එහෙත් ඒ ඇයි කියන්න ඇයට හේතුවක් තවම හමුවුනේ නැත.

" නෑ මේ...ඒ...."

" මේ අපි ටික මදි අප්පා තව තුනක් ඕන , තුනක් "
අවීන් වචන ගලපනවිට මියුමි අවධානය වෙනතකට යොමුකලා.

මියුමිට තවත් තුන්දෙනෙකු අවශ්‍යයි කියූ නිසා ඉබාගාතේ වැනි වැනි සිටි කෙල්ලෙ දෙන්නෙක් හා යොමාල්ව සම්බන්ධ කරගත්තා.

" මං කරකවන්නම් මං "
දිහස් අත ඔසවා කෑගසන විට අවීන් මියුමි තබාගෙන සිටි බෝතලය උදුරාගෙන දිහස් අත තැබිය.

~මේකා බලහන්කෝ...... හුම්ම්.....~
මියුමි අවින්ට එරෙව්වත් ඊලග විනාඩියේ සිනාවිය.



































තව ඉස්සරහට යද්දි smuts වගේ තිබුනොත් ඔයාලට අවුල්ද.....👉👈😁 නෑනේ.......

Kishu :-)

One Day ( BL) (Onhold )Where stories live. Discover now