(.11)

517 112 13
                                    

අවීන් තම නිවසට ලං වනවිට නිවස ඉදිරියේ නවතා තිබු වාහනයෙන් තම පියා පැමින ඇති බව වැටහිනි.

" මොකද පරක්කු "
අවීන්ගේ පියා තමන් බොමින් සිටි කූල් ඩ්‍රින්ක් එක පසෙක තබා සිනාවිය.

" මං හැමදාම එන්නේ මේ වෙලාවට තමා "

" හහ් , තමුසේ ඔහොමද තමුන්ගේ තාත්තට කතා කරන්නේ ආහ් "
පියා නැගිට අවීන් අසලට එමින් අසයි.

" ඔයා මගේ තාත්ත නෙමේ "
අවීන් පියා දෙසම බලා සිටියි.

" එහෙනම් කවුද උබගේ "

" අප්පච්චි "

මෙතෙක් මුහුන රළු කරගෙන සිටි පියා සිනාවන්න විය.

" අප්පච්චි ඔයා ඕවර් ඇක්ටින් නේ , අර ආපු විදිය හරි කැතයි "

" එහෙමද , හැබැයි මං දෙබස් ලස්සනට කිව්වනේ "

" හ්ම් .......වෙන නැත්තන් "
අවීන් සෝපාවේ වාඩිවී පියා බොමින් සිටියි බීම විදුරුව බොන්නවිය.

" ගොඩක් වෙලාද ඇවිත් "

" නෑ ටිකකට කලින් ආවේ "

" කොහොමද ඉතින් නඩුව "

" මං එයාව හිරේ දානකන්ම සටන් කරා "
පියා ආඩම්බරෙන් කියයි.

" මටත් ටිකක් තියනවා  "

" තව එකක් හදාගන්න  "
අවීන් පියා දෙස බලා නැවත බොන්න විය.

" රසයි "
අවීන් අවසන් බිදුවත් කටට හලාගෙන හිස් විදුරුව තම පියාගේ අතින් තැබිය.

" අවී....... මොනා හරි මග ඇරුනාද "
පියා අසනවිට නැවත හැරි දුවගෙන ආ අවින් පියාව වැළදගත්තා.

" මං ඔයාට ආදරෙයි "
අවීන් කියනවිට පියා සිනාවිය.

" ඒත් මං නම් නෑ "
පියා කියන විට පියාගෙන් ඈත් උනු අවින්
" මාත් නෑ තමා , මං බොරුවට කිව්වේ "
කියමින් සිනාවෙමින් පඩිපෙළ නගින්න විය.

කෑම මේසය සුදානම් කර අවසන් වූ විට අවින්ගේ නැන්දා නැත්නම් අවීන්ගේ පියාගේ නැගණිය කෑමට එන ලෙස හැමෝටම කතාකලා.

" ඈ බන් තාම උබට කෙල්ලෙක්වත් නෑනේ "

" ආහ්........"
බිබී හිටපු වතුර උගුරත් ඉස්මොල්ලේ යවාගෙන කදුලු පුරෝගෙන අවීන් තම පියා දෙස බැලුවා.

" මොනාද අයියේ පොඩි එකාට කියන්නේ "

" පොඩි මූ කොහෙද පොඩි  "

" හිතේ කොනකවත් කෙල්ලෙක් නැද්ද "
පියා කනට කර අසනවිට අවීන් පියාට රැව්වා.

" හාකෝ "
පියා කරබාගත්තා.

ඒ අතර අවීන් කල්පනා කරන්න වූයේ දිහස් පිලිබදව , ඔහු දැන් කුමක් කරනවා ඇත්ද ,

අවීන්ට තරන් ආදරණිය පවුලක් දිහස්ට නොතිබිනි. ඔහුගේ පියා බීගෙන විත් දිහස්ට පහරදෙයි. දිහස්ගේ මව ඔවුන් හැර වෙනකෙකු සමග ගියේ වසරකට ප්‍රථමය.

දිහස්ගේ මව තම දරුවා ඉල්ලා හඩා වැටෙද්දි පියා දිහස්ව තමන් ලග තබාගත්තේ දිහස් ගියොත් ගෙදරවැඩට කවුරුත් නොමැති නිසාය.

දිහස්ට ජිවිතය අප්‍රිය සහගත වුවද ඔහු හෙටදිනයේ අවදිවන්නේ අවීන්ගේ මුහුන බැලිමට සිතාය.

දිහස්ගේ ජිවිතේ සතුට රදා පැවතුනේ තමා කියන සෑම දේම ඇස් ලොකු කරන් අසා සිටින අවීන් ලගය.

හැමදාම පාසල් යන අතරතුර අවීන්ට කියන්න බොහෝ දේ පොදි ගහ ගන්න දිහස් ඒවා එකින් එක අවින්ට කියන්නේ කියාගන්න බැරි තරන් සතුටකින් වුනා.

************

අදත් දිහස් නොනවත්වා කියවනවිට වතුර බොතලයත් අතේ ගුලි කරන් අවීන් බලාසිටිනවා.

එහෙත් විටින් විට අවීන්ගේ හිතේ හොල්මන් කරේ තම පියා රාත්‍රියේ ඔහුට කියූ වදන් කිහිපයයි.

" පුතේ ආදරේ කියන්නේ හදවතට දැනෙන දෙයක් , කෙනෙක්ව තමන්ගේ හදවතට දැනෙනවානම් ඒ කෙනාව වර්ග කරන්නැතුව ආදරය දෙන්න "

තම පියා තරමක් වෙරිමතින් සිටි බව සැබෑ වුවත් ඒ වදන් අවීන්ගේ හදවතට තදින් කාවැදිනි.














Kishu :-)

One Day ( BL) (Onhold )Where stories live. Discover now