(.44.)

367 53 9
                                    

විවාහයේ දෙවනි දවසේ සිව්දෙනෙක් ළග ලොකු සතුටකුයි . තව කෙනෙකු ළග බලාපොරොත්තුවකුයි තිබ්බා.

ආශ්කා මෙන්ම යොමාල් හිටියෙත් සතුටෙන් හා සැනසීමෙන් , මොකද අද එයාලගේ විවාහය වගේම අවීන්ගේ සතුට හමුවුනු දවස වුන නිසා.

එතකොට අවීන් හා දිහසුත් ඔවුන්ගේ මිතුරන් දෙන්නා ගැනවගේම තමන් ගැනත් සතුටුවෙමින් සිටියා. .

එතකොට බලාපොරොත්තුව කාගෙන්ද ? ,

අවීන් හිටියේ දිහස්ව ඉස්සරහට අදින ගමන් ,

" අනේ චූටි යන්කෝ නටන්න "
දිහස්ව අදින ගමන් අවීන් කියනවා.

" බෑ අයියෝ මට ලැජ්ජයි "
දිහස් පුලුවන් තරන් හයියෙන් මේසය අල්ලන් හිටියා.

" මේ කොල්ලා , මොනාද අනේ "
අවීන් දිහස් ලගින් නැවත වාඩිවෙන ගමන් හිමින් ඔහුගේ කලවා මත අත තැබුවා.

" ඒම තමා සුදු මහත්තයෝ , මන් ලැජ්ජ බයට හැදුන කොල්ලෙක් "

" ආහ්.....ඇත්තද "

" අයියේ "
අවීන් හිනාවෙමින් දිහස්ගේ මුහුණට එබෙන්න උනේ නලල මත නලල තබා ගන්නයි. ඒත් ඇසුනු කටහඩ නිසා අවීන් නැවත තම පුටුවට බරව ඔවුන් ඉදිරියේ ඉන්න දෙව්නි දෙස බැලුවා.

" අයියේ අයියලා ඩාන්ස් කරන්නැද්ද ? "
දෙව්නි උද්‍යෝගයෙන් අහනකොට අවින් දිහස් දෙස බැලුවා.

" මේන් මේකා හෙන ලැජ්ජයි නංගි "

දෙව්නි ටිකක් හිනාවෙලා දිහස් දෙස බලන් හිටියා.

" මේ අයියා කවුද ? , මන් මීට කලින් දැකලා නෑ. අපේ අයියා දන්න කෙනෙක්ද ? "
අවසානයේ දෙව්නි අවීන් ලගින් වාඩිවෙලා ඇහුවා.

" ඔව් , එකම ක්ලාස් වල හිටියේ. හොද යාළුවෝ , බොරු නම් යොමා ගෙන් අහලා බලන්න "
අවීන් ඇතින් නටනට ඉන්න යොමාල්ව පෙන්වමින් කියයි.

" එහෙම ඕන්නෑ මට ඔයා විශ්වාසයි "

දෙව්නි හිමින් මිමිනුවත් එය අවීන්ට නොඇසුනේ ඔහු සිනාවෙමින් යොමාල් ආශ්කව ඇදන් නටන කොට ආශ්කා ලැජ්ජාවෙන් ඉන්න පෙනුම දිහා බලන් සිටි නිසයි.

" ඒදෙන්නටනම් පිස්සු නේද අයියේ "
දෙව්නි අවීන් බලා සිටින තැන බලමින් සිනාවෙයි.

One Day ( BL) (Onhold )Where stories live. Discover now