(.34.)

420 72 13
                                    

" මියුමි මාව දාලා ගිහින්....... "
අනෙක් පසින් කැඩුනු හඩින් ඇහෙනකොට අවීන් හිටියේ ඇහුණු දේවල් තෙරුන්ගන්න නොහැකිව.

" අවී ඇයි..... ? "
ඇස් ලොකු කරන් බයෙන් ඉන්න අවීන්ගේ උරහිසෙන් හොල්ලනගමන් දිහස් කියනවා.

පිලිතුරු දෙන්න කිසිම මහන්සියක් ගන්නැතුව අවීන් කාමරෙන් එළියට දුවන් ගියේ දිහස්ව හොදටම බය කරලා.

අවීන් පස්සෙන් ඇවිත් දිහස් නතර වුනේ මියුමිගේ ගෙදර දොර ඉස්සරහා.

අවීන් පුලුවන් තරන් හයියෙන් දොරට ගහන්න ගත්තේ යකෙක් වගේ...

" දොර ඇරපන්..... "

මියුමිගේ අම්මා ඇවිත් දොර අරිද්දි ඇයවත් තල්ලු කරන් අවීන් ඇතුලට දුවනකොට දිහස් පිටුපස්සෙන් ආවා.

අවීන් අඩවල් වෙලාතිබ්බ දොරක් වේගයෙන් ඇරන් යනකොට දිහස් හිමින්සැරේ ඇතුල්ට ආවා.

බිම බලන් ආව දිහස්ට මුලින්ම දැනුනේ ලේසුවදක් , ඊටපස්සේ එයා අවීන් දිහා බැලුවා. අවීන් ගල්වෙලා ඇද දිහා බලන් ඉන්නකොට දිහස් ඔහුට ලන්වුනා.

දිහස් කෑගහගෙන පස්සට වෙනකොට කකුල පැටලිලා ඇදන් වැටුනා. දැක්ක දේ හිතාගන්න බැරි නිසා හිත තාමත් අහන්නේ ඒ මියුමිද කියලා.

මියුමි එයාගේ ඇදේ නිදන් හිටියේ පුරුදු විදියටමයි. වෙනසකට වගේ ලා දම්පාට ඇද රෙද්ද මත රතු දුඹුරු විශාල පැල්ලමක් තිබුනා. ඒ පැල්ලමට හේතුවුන මියුමිගේ වමත ඇද රෙද්ද තදින් මිරිකගත්තු ගමන්ම ඔහේ තිබුනා.

අවීන් තාමත් ගල්ගැහිලා වගේ ඉන්නකොට දිහස් අමාරුවෙන් නැගිට්ටා. දැනටමත් එයාව තදටවෙව්ලන්න අරන් තිබුනා වගේම කදුලු ගලන්න අරන් තිබුනා.

" අනේ ප්ලිස් එපා , මියූ...... "
අවීන්ගේ කදුලු කම්මුල දිගේ ගලනකොට එයා මිමිනුවා.

අවීන් හිමින් මියුමි ලගට ඇවිදන් ගිහින් කදුලු වෙලුනත් කදුලු පාර තාම තියෙන මියුමිගේ කම්මුල තමන්ගේ අතින් ඇල්ලුවා.

වෙනදට වඩා සීතලක් එයාගේ කම්මුල් වල තියෙනකොට අවීන් ඒකම්මුල් රත්කරන්න ඕන කියලා හිතුනා.

One Day ( BL) (Onhold )Where stories live. Discover now