(.18.)

526 106 20
                                    

උදෙන්ම නැගිටුනු දිහස් ඇදෙන් බැස්සේ සිනාවක් කටපුරා පුරෝගෙන අද සෙනසුරාදා , අවීන්ව හමුනොවුනවා තමා ඒත් අවීන්ගේ මතකය දිහස්ගේ හිතපුරාම උඩුදුවනවා.

දිහස්ට තියෙන්නෙ හොද එලිය වැටුනු පාටක් , සුද්දෙක් තරන් නොවුනත් ඒසම පැහැපත් වුනා.  සමහර දවසට දිහස්ගේ තාත්තා බීගෙන ඇවිත් බයෙන් ගැහෙන දිහස්ගේ ඇස් දිහා බලන් " උබ අම්මා වගේ ඒනිසා මට තෝව පේන්න බෑ , තෝත් පළ " කියා බැනවැදි ඇත.

දිහස් සම්පුර්ණයෙන්ම අම්මාට වගේ තමා ලාරෝසපාට තොල් දෙකක් එක්ක රවුම් ඇස් , දිග ඇස් පිහාටු එයාට තිබුනා.

ඒත් කොහොම වුනත් දැන් කොල්ලා හොයන්නේ අදුරුපාට , ඒකියන්නේ තළේලළු . කෙලින්ම කිව්වොත් අවීන්ගේ පාට.

දිහස් පුංචියට පුංචියට අඩි තිය තිය තේ කොප්පෙත් අරන් කොස් ගහයට තිබුනු බංකුවට ගියේ " උදේට කිරිමාළු එක්ක ඉදි ආප්ප තියනවා , කාලා හිටින්කෝ....." කියලා ආච්චි අම්මා කෑගහන එකත් අහගෙනමයි.

පුරුද්දට වගේ කොස් ගහ ගාව ඇලවෙන කොට ඔලුවට උඩින් තිබ්බ අත්තේ තිබ්බ පොලොස් ගෙඩිය කඩාගත්තනම් පොලොස් ඇඹුලක් හදාගන්න තිබ්බා කියලා දිහස්ට යාන්තමට හිතුනා.

" ආ දිහස් "
අල්ලපු ගෙදර නැන්දා දිහස්ගේ පොලොස් හිනෙට බදාකලා.

" ආ.....ඇයි ඇන්ටි "

" බලන්නකෝ , ළමයෝ , දැන් දවස් දෙක තුනක ඉදලා බයිසිකල්කාරයෙක් මේ හරියේ කැරකෙනවා. මට කෙල්ලව ක්ලාස්වත් යවන්න හිතෙන්නෑ. "

" අපෝ නංගිව හිර කරන්න එපා ඇන්ටි , පව් . අපි ටිකක් බලමුකෝ......"

එහාගෙදර ඉන්න දහසය හැවිරිදි කෙල්ල ඇත්තටම ලස්සනයි. දිහස් එක්ක වැඩි කතාවක් නොතිබුනත් එයාගේ අම්මා තම දියණිය ගැන හැම විස්තරයක්ම දිහස් හා කියයි. අරමුණ කෙසේවෙතත් ලොකු අවුලක් දිහස්ට එහි වරදක් නොපෙනෙන නිසා සමහරක් හවස්වරු අල්ලපුගෙදර ඇන්ටි එක්ක ටිකක් ඔහේ ගලායයි. ඔපාදූප නොකිවාමත් නොවේ ඉතින් .

" දිහස් පුතා "
දෙවනි වරත් දිහස්ගේ අවීන් පිලිබදව සිටි ද්‍යානයට පොල්ලෙන් ගැසු අල්ලපු ගෙදර ඇන්ටි වැට ලගට ලන්වුනා.

One Day ( BL) (Onhold )Where stories live. Discover now