( තාම යන්නෙ ජන්ග්කුක් , හොබී දෙන්නගෙ flashback එක)
"ජොන් ජන්ග්කුක් ! ජොන් ජේහ්‍යුන්ගෙ පුතා "
ජන්ග්කුක්ගෙ මූණට ළං කරපු ලාවට ගැහෙන අත ළඟට ගන්න ගමන් ඒ කෙනා කියද්දි ජන්ග්කුක්ගෙ වගේම හෝසොක්ගෙත් ඇස් පුදුමෙන් ලොකු උනා.
"ඔ-ඔයා මාව දන්නවද ? "
ජන්ග්කුක් ඇහුවෙ ඇස්වල කඳුලු පුරවගෙන තමන් දිහා බලන් ඉන්න මනුස්සයගෙන් ඇස් ගලවගෙන හෝසොක් දිහාට හැරෙන ගමන්..."බේබිට මතක නැති උනාට , අපේ අත්වල හැඳුන ඒ හුරතල් පුංචි දරුවව මට කවදාවත් අමතක වෙන්නෙ නෑ ජන්ග්කුක් බේබි ! ඇරත් අප්පගෙම කපාපු පලුවක් වගේ ඉන්න ඔයාව අඳුරගන්න බැරි කෙනෙක් මේ පැත්තෙ නැති වෙන්න බැහැ "
ඇස්වලට පිරුණු කඳුලු එක්ක ආදරණීය හිනවකින් මූණ සරසගත්ත ඒ කෙනා කියද්දි ජන්ග්කුක් හිටියෙ කියන්න ඕනි මොනාද කියල හිතාගන්න බැරුව..ඒත් ජන්ග්කුක්ගෙ වෙලාවට එයාගෙ හොබී හ්‍යෝන්ග් හැමතිස්සෙම එයා ළඟ ..
" අම්..ඇත්තටම අපිට සමාවෙන්න...ඒත් ඔයා කවුද කියල-"
" ඒකත් ඇත්තනෙ ! මහත්තයල අපිව දන්නෙ නෑ තමා "
හොඳ හිනාවක් දාපු ඒ කෙනා කාර් එක ගාවින් හැරිලා කිම් මැන්ෂන් එක පැත්තට අඩියක් තිබ්බ.."මම හන්..හන් සෝජින්...දන්න කියන කාලෙ ඉඳන් අපේ පවුලෙ අය වැඩ කලේ කිම් පවුලට තමා...."
" ආහ්..අජුස්සී ඇත්තටම- ඇත්තටම අපි ආවෙ කෙනෙක්ව හොයාගෙන "
හොබී කියද්දි ජන්ග්කුක් හිමීට ඔලුව හෙල්ලුවත් ඒක හන් දැක්කෙ නැත්තෙ එයා තාමත් මේ දෙන්නට පිටුපාලා හිටපු නිසා..." අවුරුදු ගානකට පස්සෙ හරි බේබි ආපු එකම ඇති "
එහෙම කිව්ව ඒ කෙනා හැරෙද්දි ඒ ඇස් දිලිසුනා."කුකීගෙ ඔපරේෂන් එකෙන් පස්සෙ කෝමා උන නිසා එයාට එයාගෙ පොඩි කාලෙ මතකය නැති උනා අජුස්සී...අජුස්සීට පුලුවන් නම් අපිට උදව් කරන්න _ "
"බේබිලට වෙලාව තියනව නම් අපි ඇතුලට යමු"
එහෙම කියපු හන් මැන්ෂන් එකේ මේන් ගේට් එකට පැත්තෙන් තිබුන සයිඩ් ගේට් එකේ ලොක් එක අරින ගමන් කියද්දි ජන්ග්කුක්ගෙ විතරක් නෙමෙයි හෝසොක්ගෙත් මූණුවල බලාපොරොත්තුවක සේයාවක් එක්ක දිලීසීමක් ඕනිම කෙනෙක්ට දකින්න පුලුවන් උනා.......
YOU ARE READING
• HOMEBOUND | ON HOLD •
Fanfiction°• Let the love leads you HOME •° ♥️ _sinhala jikook story_ [ONGOING ]