Chapter 02

151 44 21
                                    


"ළමයි, දැන් වෙලා මදිනෙ...සූබින්,ඔය අනිත් අයගෙ අසයිමන්ට් ටික කලෙක්ට් කරල ලැබ් එකට ගෙනත් දෙන්න..."

දේගු හයි ස්කූල් එකේ තවත් කලබල දවසක අවසානයට විනාඩි පහක් විතර තියෙද්දි අවසන් වසරෙ පන්තියෙ හිටපු විද්‍යා විශය බාර කඩවසම් තරුණ ගුරුතුමා එහෙම කිව්වෙ අසයිමන්ට් බාරදෙන්න පෝලිමේ ඇඹරි ඇඹරි බලන් හිටපු කෙල්ලො ටිකගෙ මූණවල් තැලිච්ච අඹ ගෙඩි ටිකක් වගේ වෙනකොට.....


කිම් ටේහ්‍යුන්......

වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම පර්ෆෙක්ට් පර්සනැලිටි එකක් තිබුන මේ තරුණයා දේගු හයිස්කූල් එකේ හිටපු කඩවසම්ම ගුරුවරයා කිව්වොත් මන් හරි...

ටේහ්‍යුන් කියන්නෙ හයිස්කූල් එකේ මියුසික් ටීචර් උන මින් යුන්ගීගෙ සූන් ටු බී හස්බන්ඩ් කියන එක ස්කූල් එකේ හැමෝම අතර ප්‍රසිද්ධ රහසක් උනත් , හැන්ඩ්සම් කොල්ලෙක් දැක්ක ගමන් පිස්සු නටන කෙල්ලො ටිකට නම් ඒක අදාල උනේම නෑ....

 හැබැයි ඒකත් වැරදි නෑ ඉතිම්....මං කියන්නෙ ග්‍රීක දෙවියෙක් වගේ කොල්ලෙක් ඇස් මානෙ ඉන්දැද්දි ඇස් කන් හොඳට තියෙන කෙල්ලෙක් උඩ බලන් ඉඳීද....මොකෝ එයාලා හැඟීම් දැනීම් නැති රොබෝල නෙවෙයිනෙ....හූම්...

(ආපහු කතාවට....)

ස්ටාෆ් රූම් එකට ගියපු ටේහ්‍යුන් මුලින්ම කලේ ෆෝන් එක අරන් නොටිෆිකේශන් චෙක් කරපු එක....

ලීව් එක ගැන දැනුම් දෙන්නෙත් නැතුව ඉස්කෝලෙට ආපු නැති ජිමින් කොහෙද ගියෙ කියන එක එයාගෙ හිතට ගොඩක් වදදෙන කාරණයක් උනේ ජිමින්ට කොච්චර කෝල් ගත්තත් , මැසේජ් කලත් කිසිම උත්තරයක් නැති නිසයි...

"අනේ ටේ ඔප්පා...මේ ලන්ච් බොක්ස් දෙක මිනී ඔප්පට දෙනවද ? බලන්නකො අද එයා කලින්ම නැගිටල ස්කූල් ඇවිත්නෙ...."

ඉස්කෝලෙ ගේට්ටුව ගාවදි තමන් ගාවට දුවන් ආපු ජිමිනිගෙ චූටික්කි එහෙම කියද්දි ටේ පුදුම උනේ ජිමින් වේලාසනින් ඇවිත් කියද්දි...ඒත් ඔෆිස් ඒකේදි ජිමින් ස්කූල් ඇවිත් නෑ කියල දැනගත්ත වෙලාවෙ ඉඳන් ටේහ්‍යුන් කොච්චර ජිමින්ව කන්ටැක්ට් කරගන්න උත්සහ කලත් එයාට ඒක කරගන්න බැරි උනා...

යන ගමන් ජිමින්ගේ ගෙවල් පැත්තටත් ගිහින් බලනවා කියල හිතාගෙන ටේහ්‍යුන් ස්කූල් කාර් පාක් එක පැත්තට යන්න ගියේ එයා එනකන් එයාගෙ යුන්ගි බුන්ගි කාර් එකට වෙලා බලන් ඉන්න නිසයි...

ඒත් ගේට් එකෙන් එලියට එද්දිම වගේ එයාගෙ පැත්තට කලබලෙන් එන හොඳට දැකල පුරුදු මූණක් එයාව නැවැත්තුවා...



'රෝස්ගෙ ඔම්මා ?'



__________________________________________

Infires Girl 🖤

• HOMEBOUND | ON HOLD •Where stories live. Discover now