Chapter 04

144 40 37
                                    


මුලු කාමරය පුරාම තිබුනෙ දැඩි නිහඬතාවක්....රෝහල් ඇඳ වටේ වාඩි වෙලා හිටපු එකිනෙකාට නොදෙවෙනි කඩවසම් තරුණයො තුන්දෙනාගෙ මූණවල් මැලවිලා ගිහින් තිබුනෙ මහන්සිය නිසාම නෙමෙයි....වෙනදට ඇස් හීනි වෙන හිනාවකින් එයාලව පිලිගන්න එයාලගෙ ආදරණීය සහෝදරය මේ විදියට ඇඳක් උඩ නිසොල්මනේ වැතිරිලා ඉන්න එක එයාලගෙ හදවතට මහ වේදනාවක් ගෙනාවා...

"හ්‍යොන්ග්"
ටේ කටහඬ අවදි කලේ තමන්ව තුරුල් කරන් කවුච් එකේ වාඩි වෙලා හිටපු යුන්ගිගෙ මූණට එබෙන ගමන්..

"ම්ම්..."

"අනේ අපි ජිමිනිව වෙන හොස්පිට්ල් එකකට අරන් යමුද....මෙහෙ ෆැසිලිටීස් මදිනෙ..."

ටේගේ ඒ වචන යුන්ගිගෙ හදවතට ගෙනාවෙ ආදරණීය උණුසුමක්.....යුන්ගි දැනන් හිටියා, එයාගෙ ටේ බෙයාර්ගෙ මුලු ලෝකෙම තමන් සහ ජිමින් කියන එක..අනික ටේගෙ ජීවිතේට යුන්ගි එන්න කලින් ටේගේ හැමදේම උනේ ජිමින්....ඒ නිසාම අදටත් ආදරේත් පහුකරගෙන ඒ සහෝදර බැඳීම ඉස්සරහට එන එක ගැන යුන්ගිගෙ හිතේ පොඩිම පොඩි කහටක්වත් තිබුනෙ නෑ...මොකද ජිමින් කියන්නෙ යුන්ගිට එයාගෙම පුංචි සහෝදරය වගේ...

අනිත් එක ටේ දැන් ඔය කුනු කුනු ගාන්නෙ මොනාම හරි කරල එයාගෙ සෝල්මේට්ව සනීප කරගන්න ඕනෙ නිසා කියල දන්න යුන්ගිගෙ මූනෙ හීනි හිනාවක් ඇඳුනා....

" ජිමිනිගෙ රිපෝට්ස් එනකන් අපි බලන් ඉමු ටේ....ම්ම්....ඊට පස්සෙ ඊලඟට කරන්න ඕනෙ මොකද්ද කියල අපි බලමුකො...හරිද"
යුන්ගි කිව්වෙ පුංචි හාදුවක් ටේගෙ කෙස් අතරින් තියන ගමන්...

"හ්ම්ම්ම්..."
යාන්තමට මුමුණපු ටේ යුන්ගිට තවත් තුරුල් වෙන ගමන් ඇස් දෙක පියාගත්තෙ උදේ ඉඳන් වැඩ කරපු නිසා ගතට දැනෙන විඩාව ටිකකට නිවාගන්න හිතාගෙනයි....

ඒත් දෙවියනේ මන් කියන්නෙ අර ස්කූල් එකේදි සයන්ස් ටීචර් කිම් ටේහ්‍යුන්ට කෙල හලන කෙල්ලො ටික මෙතන වලස් පැංචෙක් වගේ යුන්ගිට ගුලි වෙන ටේව දැක්කනම් කෙල්ලො ටික ඔක්කොමට දේගු හොස්පිට්ල් එකේම ඇඳවල්වලට වෙලා සේලයින් බෝතල් එල්ලන් ඉන්න තිබුනා....නැද්ද මන් කියන්නෙ ?


ඔය අතරෙ ජිමින්ගෙ අතක් අල්ලගෙන ඇඳ ළඟින්ම පුටුවකට බර උන ජිමින්ගෙ සහෝදරයගෙ හීනි දිග ඇඟිලි ජිමිනිගෙ කලු කෙස් අතරෙ තාලෙකට එහෙ මෙහෙ උනේ පුරුද්දට වගේ....

පුංචි කාලෙ ඉඳන්ම කාත් කවුරුත් නැතුව කාගෙමහරි උනුහුමක් හොයපු පුංචි හුරතලේව පලවෙනි පාරට එයාගෙ අත්වලට ගත්ත හැටි එයාට අද වගේ මතකයි....

දවසින් දවස තමන්ගෙ අත් අතර ආදරේ පුරවගෙන හැදුන ඒ දඟ පැංචව එයාට හොඳට මතකයි...

ආදරේ කියන වචනෙ තේරුමවත් නොදැන එයාගෙ පුංචි මිනී පුංචි ආදරේක අයිතිකාරයෙක් උන හැටි එයාට හොඳට මතකයි....

හැමදේම හරි ඉක්මනට වෙනස් උන විදිය, පුංචි හුරතලේ කරදඬු උස්මහත් උන චාමින් ප්‍රින්ස් කෙනෙක් උන විදිය එයාට අද ඊයෙ වගේ...

ඒ දේවල් හිතට බර වැඩි හින්දමද මන්දා තමන්ගෙ පුංචි සහෝදරයගෙ සුදුමැලි මූණ දිහා බලාගෙන එයාගෙන් පිටවුණ හුස්ම ඕනවටත් වඩා බර වැඩි උනා....


ඒත් එක්කම වගේ සාක්කුවෙ තිබුන ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න පටන් ගත්තු නිසා ජිමින්ගෙ ඔලුවෙන් අත පොඩ්ඩකට ගත්ත එයා ෆෝන් ස්ක්‍රීන් එකට ඇස් යොමද්දි ඒ මූණ හරිම සැනසිලි පාට ආදරණීය හිනාවකින් හැඩ උනේ කෝල් අයිඩී එක දැකල......



_____________________________________


Hi !

Bye !

I LOVE YOU ♥️



_Infires Girl 🖤_

• HOMEBOUND | ON HOLD •Opowieści tętniące życiem. Odkryj je teraz