39 වන කොටස.....

1.5K 430 189
                                    

චූටි දුව.................අප්පච්චිගෙගෙ චූටි දුව.....යෝ.....රවාගන නේද ඉන්නෙ.......මහ නපුරියෙක්ද කොහෙද  ඇහිබැමත් අකුලන්......

මං උන්නෙ පැත්තට හැරිලා ළඟ තිබුන තොටිල්ලෙ උන්න දරුවා දිහා බලාගන....මට අකේන්ගෙන් ලමයව පරිස්සම් කරගන්නම බැරි උනා..අහක බලන්නෙ කොයිවෙලේද අර පොඩි කම්මුල් රතු වෙනකන් ඉඹිනවා.....එක්කො චූටි යටි පතුල් ඉඹ ඉඹ අඩවනවා...අනේ මන්දා දරුවා අඩනකොටත් අකේනුත් අඩනවා.....නිකන් නෙවෙ....එයා ඇත්තටම අඩනවා...
.

අද උදුවප් මාසෙ පලවෙනිදා........උදේ පාන්දර ලෙඩ්ඩු බලන්න දෙන වෙලාවට ඇතුලට ආව අකේන් අම්මට අප්පච්චිටන්වත් සැනසීමෙන් ළමයා බලන්න දුන්නෙ නෑ....එහෙන් එබෙනවා මෙහෙන් එබෙනවා...එන්නෙ කව්ද...ළඟින් යන මිසීකෙනෙක් ව ඇදලා අර හරි දරුවා කවුරු වගේද අහනවා....එයාවයි ලමයවයි පුලුවන් තරම් සසදන්න හදනවා......මට වෙලාවකට බයත් හිතෙනවා අකේන්ට පිස්සු හැදෙයිදෝ කියලා ....

මැනිකෙ......ඇයි මේ රවාගන ඉන්නෙ.....මේ බලන්නකො...ඇහිබැමත් අකුලන් මේකි නම් මහ සැරයිද කොහෙද ......නේ මැනිකෙ.....

මං දන්නෙ නෑ බන්.....යෝ...අකේන්..මගෙ කට රිදෙනවා සුදු මහත්තයා ........දැන් ඇතිනෙ...

පොඩි කමට නෙවෙ මේකි...ඔ..ව්...අප්පච්චිටත් රවනවා නේද ආ.......අප්පච්චි දිහාත් බලලා රවනවා......එයාට මාව පේනවා ඇතිනෙ නිඛිල් ......?කොන්ඩෙත් බදින්න පුලුවන් ....මගෙ පුතා ලොකු උනාම අප්පච්චි කොන්ඩෙ බදින්නම්.....හොදද....ඉතින් රවන්නෙ...යෝ...ඈනුමකුත් ගියානෙ......ලමිස්සිට..රවනවා දැම්ම ඉදම්ම....නේහ්

මට හිනා ගියා.....කෙල්ල ඇත්තටම රවනවා.....අකේන් වගේම.......අප්පච්චි වගේ නොවුනොත් තමයි පුදුමෙ..මගෙ වගේ කියන්න තිබුනෙ කකුලෙ ඇගිලි ටික විතරයි ....ඉතුරු ඔක්කොම ආය ඇඹුවා හා සමානවම අකේන් වගේම උනා...අකේන්ගෙම නපුරු ඇස් දෙක.....රවන් ඉන්න ඇස් දෙක ඒම නහය කට........වෙන ලමයි ඒ වෙනකොට කීපාරක් ඇඩුවද...මේ කෙල්ල බඩගිනි උනහමවත් ඇඩුවෙ නෑ ඒ වෙනුවට කෙරුවෙ අප්පච්චි වගේම ඇහිබැම අකුලන් අතක් කටේ දාගන්න හදපු එක......ඈනුමක් ඇරලා ආයම රවාගත්තු එක......අකේන් ඉඹලම  ඇඩෙව්වොත් ඇරුනම මේ කෙල්ල නෙවෙ අඩන්න කටහැදුවෙ වත්....වෙන ළමයි රැහැයියො වගේ...අඩාගනම උන්නා.....

BE MY ARMOUR (Complete )Where stories live. Discover now