08 වෙනි කොටස....

2.1K 543 128
                                    

අ..අකේ...න්.....

බය වෙන්න එපා...මං ඉන්නවා......

එයා මාව බිමට තද කරන් මගෙ කන් දෙකම අත් දෙකෙන් වහගන උන්නා....පිට පිට පුපුරපු පිපිරිලි වලට පොලවම දෙදුරුම් කනකොට කරන්ට් නැති වෝර්ඩ් වලින් ඇහුනෙ තනිකරම විලාප විතරක්ම උනා....

අකේන්...උන්...උන් මෙහාට ඒවිද අකේන්...

නෑ....බඩ ගාන්න......

අ...

කිව්වම අහලා බඩගානන ගිහින් ඇද යටට රිංගන්න නිඛිල්.....

.එයා මාව තද කරන් ඉදලා ඉදල අවසානෙදි මට බඩගාගන ගිහින් ඇද යටට රිංගන්න කිව්වා.......

එතකොට එයා .......

අකේන්..ඔයා...ඔයාට මොකද වෙන්නෙ....එතකොට

මන් කිව්ව දේ විතරක් කරන්න....

එයා මාව තල්ලු කෙරුවා ....මාව තල්ලු කරකර බඩගාන්න කියනකොට බොරු කියන්න ඕන නෑ එයාලා දනහිස් වැලමිටවල් වලින් බඩගාන ගෑම එක්ක අපිට හැරෙන්නවත් බැරි වෙනකොට මම බිත්ති අල්ල අල්ල බඩගාද්දි එයාට මාව දාලා යන්න බැරි කමට මාව බිම දිගේ ඇදගන වගේ ගිහින් අතපත ගාලා ඇද හොයාගන ඇදයටට තල්ලු කරල දැම්මා...

මෙතනම ඉන්න...

අනේ...අකේන්.....

මං යන්නෙ නෑ කෑ නොගහ මෙතන ඉන්න...උන් මේකට කොහොමත් ගහන්නනෙ නෑ නිඛිල් ...ඉන්න දෙමල මිනිස්සු උන්ගෙම අතින් මැරුනොත් උන් කවුරු වෙනුවෙන් සම තැනක් ඉල්ලන්නද...බය නොවී ඔහොම ඉන්න.....

මම ඇද යට ගුලි උනා...මට එහාපැත්තෙන් එයා ඉන්නවා....ඉර එලිය වැටෙන්න හෝරා කීයද.....මේ කාලකන්නි මෙ හැම දේම පුපුරවන්නෙ මිනිස්සුන්ගෙ නින්දෙ සැපම තැන්වල උනත්...උතුරෙ මිනිස්සුන්ට නින්ද නැති වෙලා දැන් අවුරුදු ගානක් උනා...නින්දෙ හොදම තැන මොකක්ද කියන්න දැන් උන්ට අමතක වෙලා......ඊයෙ හවස බැහැලා ගියපු ඉර ආයමත් උතුරට එලිය ගේන්නෙම මලකදන් ගොඩක් මැද කියලා දන්නවා නම්...මං හිතන්නෙ නෑ ඉරවත් ආයම උතුරට පායාවි කියලා ......

දයාරත්න .......දයාරත්න කොහෙද ඉන්නෙ....?

හොස්ප්ටිල් එක ඉස්සරහා බ්ලාස්ට් එකක්.....

BE MY ARMOUR (Complete )Where stories live. Discover now