19 වන කොටස....

2.1K 505 141
                                    

බන්ඩාර හාමු.......

ම්ම්....

මොනවද කල්පනා කරන්නෙ.....

මං උන්නෙ රැල්ල පිට රැල්ල ගහන මහ මුහුද දිහා බලාගන........උසාවි ඇදන් ගියපු ඇදුමට කසිංජිය බදනකොට මම එයාගෙ ගේ පිටිපස්සෙ තිබුන පොල් අතු වැටත් පහුකරන් කෙලිම්ම ඇවිත් වෙරලෙ  ඉදගත්තා ..ඉදගත්තා කියන්නෙ කොහෙන් හරි ගගක් දිගේ ගහගන ගහගන ඇවිදින් මහ මුහුදට වැටිලා කරදිය රැල්ලත් එක්ක පොර බදලා බදලා ගොඩට ගහගන ආව මුහුදු වතුරටම පාන්ඩු පාටක් ගහපු නමක් නොදන්න ගස් කොටයක් උඩ ඉදන් එයා එක්ක මද්දහන මුහුද දිහා බලන් ඉන්නකොට මගෙ ගාවම මගෙ කොන්ද හිමින් පිරිමදින ගමන් එයා මගෙන්  මොනවද කල්පනා කරන්නෙ අහනවා.....

කල්පනා කරන්න දේවල්ද නැත්තෙ දෙවියනෙ.....කල්පනා කරන්න දේවල් ද නැත්තෙ....ඒ ඔක්කොටමත් වඩා..මගෙ හිතට කියන්න බැරි තරම් නිදහසක් දැනුනා  .....සනීපයක් සැනසීමක් දැනුනා....හිස් වෙලා තියන එයාගෙ ගේ අස්ස මගෙ අත් වලින් හැඩ කරන්න  මට හැම පැත්තකිම්ම දොරවල් ඇරෙනකොට හිතට දැනුන සැනසීම වචනවලින් මේ තරම් කියන්න බැරි උනා....

බයක් හැකක් නැතිව හිතේ දෙගිඩියාවක් නැතුවම මට දැන් ආරෙ කරන්න පුලුවන් කියලා හිතෙනකොට මගෙ හිතට පුදුමාකාර සහනයක් දැනුනා.....

මං එහෙම්ම එයාගෙ උරහිසට ඔලුව තියාගත්තා ..නිකන් නෙවෙ මං එයාගෙ අර පිම්බෙන අත් ගොබේකුත් අල්ල ගත්තා .....

.සැන්සීමයි.........මගෙ හිතට නොසෑහෙන්න සැනසීමයි අකේන්..........මොන දේ නැති උනත් සැනසීම විතරයි මන් ප්‍රාර්තනා කරන්නෙ අකේන් .......

ම්ම්ම්........මං ඉන්නවනෙ බන්ඩාර හාමු.....ඉතින් එ සැනසීම උඹ ගාව හැමදාම තියේවි..........මං එනකන් පරිස්සමින් ඉන්න.....

ඇයි මං විතරක් ...මං පරිස්සමින් ඉන්න ඕනෙ නම් ...ඔයා පරිස්සමින් එන්න ඕනෙ....තේරුනාද  වික්‍රමසිංහ මහත්තයට ...

ම්ම්ම්......

මං හිනා උනා...එයාගෙ උරහිස උඩ  ඔලුව තියන් ඉන්න  මගෙ දිහා බලපු මගෙ වික්‍රමසිංහ මහත්තයා එහෙම්ම ඉදන් මගෙ නලලට හාදුවක් තියනකොට මං එයාගෙ අත කෙනිත්තුවා ...නිකන් නෙවෙ රිදෙන්නම.....තරහවට ...ආදරේ වැඩි උනහමත් මිනිස්සුන්ට තරහ යනව කියන්නෙ බොරුවට නෙවෙනේ...ආදරෙ වැඩිම තැන මටත් තරහා ගියා.....

BE MY ARMOUR (Complete )Where stories live. Discover now