12 වන කොටස....

1.9K 523 96
                                    

නිඛි...ල්

මං හිතන්නෙ මටවත් හිතන්න බැරිව යන්න ඇති මං එහෙම දෙයක් කිව්වා කියලා ..මටත් නොදැනිම ඒක මගෙ යටි හිතේ තිබුන දෙයක්ද නැතිනම් එයා මගෙන් ඈත් වෙයි කියලා බයට කියපු කතාවක්ද කියන්න දන්නෙ නෑ කොහොම හරි මං එයාට මාව එයාගෙ කරගන්න කියන වචන ටික මගෙ කටින් එලියට පනිනවා එක්කම මං බලාගන එයාගෙත් මූන මොකක්ද වෙලා ගියා......එයාගෙත් මූන සම්පූරනම වෙනස් උනා......එයා බලාපොරොත්තු නොවුන කතාවක් මගෙ කටින් පිටවෙනකොට එයාව ගැස්සිලා ගියා.......

එයා ගැස්සෙන්නෙ නැතිව ඉදීද.....මාව පවා අන්දමන්ද වෙලා යනකොට ....කමක් නෑ...හොදටකට හෝ ...නරකකට.......මගෙ කටින් ඒ වචනෙ පිටවෙලා ඉවරයි   මට ආයම ඒක ගන්නත් බෑ...ගත්තා කියලා තේරුමකුත් නෑ....

නිඛිල් ......ඇයිමේ....

අකේන්.....මට පුලුවන් .....

මොනවද ඔයාට පුලුවන් .....ම්ම්

දරාගන්න.......මට පුලුවන් වේදනාව දරාගන්න....කියපු වචන මට ආපහු ඇදලා ගන්න බෑ.......හදිසි උනා හෝ නැතා......මං හිතන්නෙ නෑ අකේන් අපිට ඕකෙ සමරලා කරන්න දෙයක් තියනවා කියලා ....මං දන්නවා ..ඉඹ ජිවත් වෙන්නෙත් අස්තාවර බලාපොරොත්තු එක්ක...මං ජීවත් වෙන්නෙත් අස්තාවර බලාපොරොත්තු එක්ක.....අපිට ආයම අපිව හම්බවෙනකන්...හැමදේම අස්තාවරයි සුදු මහත්තයා ...නිදිවැද්දා කියලා මං බඩවෙන්නෙත් නෑ.........

මම ඔහේ කියෙව්වා .......එයාගෙ අත අල්ල ගත්තු මං ඔහේ කියෙව්වා ....මං දන්නවා...නඩුවට ගියා උනත් එයා අර ගැනි ගාවදි ආයම හිත හොල්ල ගනීවි...ඒක මට නවත්තන්න පුලුවන් දේකුත් නෙවෙ......ඒක මට තියා සක්කරයට වත් නවත්තන්න පුලුවන් දෙයක් නෙවෙ........හැගීම් දැනීම් එක්ක හැදුන මිනිස්සුන්ගෙ හිත් කැඩුනම හැදෙන්න කාලයක් යනවා...සමහර විට මුලු ජීවිත කාලෙත් මදිවෙනවා.....

මට ඕනෙ එයාගෙ කැඩුන හිත සම්පුර්ණයෙන්ම මගෙ නමට ලියාගන්න.........බිදුන තැන් ආපහු බිදුන පාරවල් නැතිවෙන්නම එකතු කරන්න..........

පුලුවන්ද මගෙ අකේන්.....

මා දිහා බලන් ඉන්න..මගෙ වචන එක්ක ගැස්සිලා ගියපු අකේන් දිහා බලන් උන්න මං  අවසානෙදි එයාගෙ මූන අල්ලගන පුලුවන්ද අහනකොට එයා මගෙ මූනෙන් ඇස් අහකට ගත්තා .........මං දන්නවා..එයාට ඒකට එකපාරම හිතහදාගන්න අමාරු ඇති...කමක් නෑ...මට පුලුවන් බලන් ඉන්න......මට එයාගෙ හිත හැදෙනකන්....ඉවසන් ඉන්න....කමක් නෑ...අඩුම ගානෙ මම මෙහෙම කිව්වා කියලා වත් එයාට මතක තියේවිනෙ......

BE MY ARMOUR (Complete )Where stories live. Discover now