32 වන කොටස.....

1.5K 457 137
                                    

කැවුම් සුවදයි...කුසියෙන් එපිට ඉදන් වයසක අත්තම්මෙක් ඇබිත්තන් සයිස් තාච්චියක කැවුම් පුච්චනවා....ඒ සුවද මේ හතර අතම යනකොට මුනක් කටක් වත් හෝදපු නැති මට උනු කැවුමක් කන්න පෙරේත කමක් එනකොට මම ඔලුවත් කස  කස ගිහින් මේ දැන් පුච්චපු තෙල් පාට පෑදුන   කැවුම් දිහා බලන් ඉදලා ඉදලා මැද අමුයි කියලා හිතෙන  කැවුමකට අතක් තිබ්බා විතරයි කවුරු හරි මගෙ පිට හරහා පාරක් ගැහුවා...

ඌව්...හ්

තියන පෙරේත කම...මුනක් කටක් වත් හෝදන්නෙ නැතුව

අනේ...අත්තම්මාහ්......දෙන්නකො...

අහකට පලයන් අද බර දවස් තෙල් කන්න හොද නෑ....

අද කොහෙද බර දවසක් වෙන්නෙ...අගහරුවාදා නෙ....බර වෙන්නෙ කොහොමද ....ඇරත් බර දවසක් නම් කැවුම් පුච්චනවද?

මං රවාගත්තා ....මගෙ පිටිපස්සෙන් උන්න අත්තම්මා ඉනට අත තියාගන ගල් පැලෙන බොරු කිව්වා.....

අනේ අත්තම්මා..මැද අමු එකක් දෙන්ඩකො.....

දතකටවත් මදින්නෙ නැතුව සමයන් වෙන සමය විල්ල....

මං කැවුමක් ඩැහැගත්තා.....අමුයි කියලා හිතෙන රන්වන් පාටට හුරු කැවුමක් ගත්තු මං ඒක  දෙකට කඩාගන මැද අමු හරිය  ලෑටි ගගා පිලේ ගිහින් ඉදගන්නකොට අත්තම්මා මා දිහා බලන් ඉදල  කුසියට ගිහින් ආයම ආවා...නිකන් නෙවෙ.....අප්පච්චිගෙ පදින සයිකලේට දාන  තෙල් බෝතලෙත් අරගන...මක්ක කරන්න හදනවද....මෙවෙලෙ ඔව්වා අරන්.....

මේන් මේතෙල් එක

මේක මොකටද අත්තම්මා?

ඇදට දාගන්න...එහෙට හැරෙනකොටත් චිරි බිරිය මෙහෙට හැරෙනකොටත් චිරිබිරිය රෑ එලි වෙනකන් වත් මට බුදියන්ඩ බැරි උනා

අත්තම්මා අතේ තිබුන තෙල් එක මගෙ දිහාවට දික් කරන ගමන් රෑ එලිවෙනලන් වත් නින්ද ගියෙ නෑ කියනකොට මමත් ඔව් අපිටත් ඇහුනා කියලා කට වැහුවා විතරයි අත්තම්මා කියපු දේ එක්ක මට වහ බොන්න හිතුනා.....

ඔව්...අපිටත් ඇහුනා අත්තමා රෑ දෙගොඩ හරියක් යනකන් එහා මෙහා උනා....

මගෙ ඇදේ මගුලක් නෙවෙ....උඹලගෙ ඇදෙ.....උඹලගෙ ඇදේ සද්ද එක්ක මටයි නින්ද ගියෙ නැත්තේ...ඕන් ඕක අර කොලුවා ආව දාට වක්කරන් ඇදට නැගපන්.....

BE MY ARMOUR (Complete )Where stories live. Discover now