28 වන කොටස...

1.8K 482 278
                                    

අප්පච්චි ....

මං හොරෙක් වගේ බිම බලාගත්තා ...අක්කගෙ කොලු පැටියව දැකපු වෙලේ ඉදන් අකේන් හැසිරෙන්නෙ කාලෙක ඉදන් අපේ අම්මා අප්පච්චි දන්න එකෙක් ගානට මදිවට මං බලාගන මේකා  අත්තම්මා ඉදන් උන්න බංකුව උඩ ඉදගන ලමයව නාවන්න හදනවා...

අකේන් ඔය දාඩිය දූවිලි පිටින් දරුවා අල්ලන්න එපා අකේන්.....

මං අප්පච්චි ගාව ඉදන් පන්ඩිත කම් කරන්න හදන අකේන්ට කෑ ගැහුවා...ඒකා නෙවෙ මාව කනකට ගත්තෙ....ඒකා නෙවෙ මාව තඹේකට මායිම් කෙරුවෙ....

අකේන් කන ඇහුනද ආ??

දැන් උඹටත්  ඔහොම කෑ ගහන්න හොදද...ආ

මං අත් දෙක හේදුවා මැනිකෙ.....

මට වෙඩි තියන් මැරෙන්න හිතුනා...හිල් පොල්කටුව අරන්  මහ අම්මන්ඩි වගෙ කටත් අමුතු කරන් අර අතට අහු නොවෙන නොදරුවව මිරිකගන නාවන්න හදන මගෙ මෝඩ හමුදාකාරයා එතන කෙරවලේ ඉදන් මට මැනිකෙ කියනකොට  වයසට ගියපු බන්ඩාර මැනිකෙ ඔසරි පට අරන් ඉනේ ගහගත්තා..මගෙ ගාව උන්න බන්ඩාර හාමුදුරුවො උඹට ඔහොම කෑ ගහන්න හොද නෑනෙද කියලා අහලා මට සැර උනා...

මේක හරියන වැඩක්  නෙවෙ....මේ මනුස්සයා එන්න කලින් ඔක්කොම අල්ලගන්න හදන්නෙ...මූ තනිකරම ප්‍රභාකරන් වගේ...පේනවනෙ.....බන්ඩාර මැනිකෙව අල්ලන්...මහ මැනිකෙව අල්ලගත්තා කියන්නෙ ආය ඉතින්...වලව්වම අල්ල උඩ වගේ  තමයි......

කොහෙද උඹ බලන් ඉන්නෙ නිඛිල් ....

අප්පච්චි ..මේ....අපි ගෙට ගිහින් කතා කරමුද...

ගෙට...කොහෙ ගෙට...උඹලට මෙහෙ ගෙවල් නෑ...ඒකනෙ උඹලා ඔච්චර හපන් කමක් කරගනත් හාර මාසයක් නොකියා උන්නෙ...

මං බිම බලාගත්තා ..දූවිලි ගෑවුන සපත්තුවෙ ඉස්සරහ හරියෙන් මම මිදුල පුරාවටම  බලි කුරුටු අදින ගමන් මට බනින අප්පච්චිට හොරා වගේ උත්තර බැන්දා....

කව්ද....අප්පච්චි ..දන්නෙ...හිටී...කියලා

හිටී කියලා ...මොනවා හිටී කියල..උස්සපන් ඔලුව....කරදඩු උස්වෙලා ලොකු ලොකු මහත්තුරු උනාට කාරි නෑ.....උඹගෙ අප්පච්චි තාම ජීවත් වෙනවා

BE MY ARMOUR (Complete )Where stories live. Discover now