04 වන කොටස..

2.1K 551 180
                                    

එයා ම්න් කිව්වා........කාලෙකින් ගෙදර ගියෙ නෑ කියපු එයාට දවස් හතරක් විතර අම්මා අතින් බත් කාපු මට මගෙ ගාව තිබුන බත් එක දීපන් දීපන් කියලා මගෙ හිත දෙපාරක් තුන්පාරක්ම කියනකොට මං මගෙ බත් එක දෙන්න අහද්දි එයා හරි කෙටි උත්තරයක් දුන්නා.......සමහර විට එයාට කතා කරන්නත් මහන්සි ඇති......

ඔය මොකක්ද කරන්න හදන්නෙ?

ඔයාට බත් එක දෙන්න

දරුවො....මං යන්නෙ කමාන්ඩර්ගෙ ඔෆිස් එකට...මට පුලුවන්ද ඕක අරන් යන්න....චන්දන මෙන්න මෙයාව එක්ක යන්න....

හරි සර්....ඩොක්ටර් එන්න......

මං හිතන්නෙ මේක පස්වෙනි වතාව....මං ලැජ්ජා උන පස් වෙනි වතාව....එක්කො හැමදාම බෝම්බා වදින සද්දවලට බය  වෙලා බය වෙලා බය වෙලා මගෙ මොලේ සෛල දැන් මැරිලා ගිහින් .....මොන මගුලෙ ගියත් කන්න මෙස් එකට එන්න ඕනා බව දැන දැන තුරුල් කරන් උන්න බෑග් එක ඇරන් බත් මුල අරන් එයාට දෙන්න හැදුවෙ ඇයිද කියන්න මමවත් දන්නෙ නෑ ..........

එයා යන්න ගියා...නිකන් නෙවෙ......මෙන්න මෙයාව කියලා කිව්වෙ ඒක නිකන්" මෙන්න මේ පිස්සව වාඩි කරපන්" වගේ ටෝන් එකකින් වෙනකොට අවංකවම මට එයාව අනිත් පාර පෙනුනෙ සීමන් කෙනෙක්ට වඩා එල්ටිටීඊ කොටියෙක් වගෙ වෙද්දි මමත් රවාගන බලන් ඉදල අවසානෙදි චන්දනගෙ පස්සෙන් ගෑටුවා.......

අපරාදෙ මට තිබුනෙ නාහ ඉන්න.....ගෙදර ගිය කාලෙකම කාපිය කියලා මගෙ පාඩුවෙ කෑවනම් මොකද ...මොකද මටත් ආය ගෙදර යන්න වෙයිද කියලා දන්නවද...නෑනෙ.........දුක්ගන්නාරාල වෙන්න යනවට හොද වැඩේ ...ඇරත්  ඔච්චර තදට දරුවො කියන්න ඕනෙද....නෑනෙ......මේ චන්දනත් උන්නා.........මන්‍ යන්නෙ කමාන්ඩර් ගෙ ඔෆිස් එකට.....ඒක කියපු තද........වරෙන්කො උඹ ඉස්පිරිතාලෙ පැත්ත පලාතෙ....මාත් එදාට මගෙ උන් ගාව දෙන්නම්...මොකද මටත් ජූනියාර්ස්ලා ඉන්නවා....

මෝඩ කොටියා....

මොකක් හරි කිව්වද ඩොක්ටර් ......?

ගාට ගාට ආව මම බාගෙට බාගයක්ම කෙරුවෙ  ඔෆිසර් වික්‍රමසිංහට හිතින්  බැනපු එක වෙනකොට අවසානෙදි මම මටත් නොදැනිම එයාට බැනපු එකක් සද්දෙම්ම කියවෙලා තිබුනා වගෙම මගෙ ඉස්සරහින් ගියපු චන්දනට ඒක ඇහිලා තිබුනා...

BE MY ARMOUR (Complete )Where stories live. Discover now