දිහස් නම් අවීන් දිහා බලන් හිටියේ මොන නපුරෙක්ද කියන්න වගේ

" ඇත්තටමද ඔය ? "

" හ්ම්....... වාඩිවෙලා අල්ලන් ඉන්න " 

" මොන නපුරෙක්ද ? , මන් තරහයි තමුසේ එක්ක "
දිහස් අඩන්න ළග මූණක් එක්ක කියනකොට අවීන් හිනාවෙලා තමන් ලගින් වාඩිවෙන්න කියලා සන් කලා.

" විහිලුවට බන් කිව්වේ "

රණ්ඩු වලින් පස්සේ දිහස් හරිම සැපපහසු විදියට අවීන්ගේ පපුවට තුරුල් වෙලා හිටියා.

බැල්කනියට හරි සැපට සීතල සුළං වැදෙනකොට දිහස්ව තුරුල් කරන් ඉන්න එක අවීන්ට දැනුනේ ලෝකේ තියෙන සුවදායකම දේ කියලා.

.......................

ඔහොමම සෙනසුරාදා දවසත් උදාවෙලා තිබුනා.

නඩුවකට පස්සේ කඩිමුඩියේ ෆයිල් කන්දරාවකුත් උස්සන් ගෙදර ආපු අවීන් ෆයිල්කන්ද ඇදට අතඇරියා.

" තාම හැඩවෙනවද බන් "
නානකාමරයේ දොරට ගගහා හයියෙන් කෑගැහුවම එහාපැත්තෙන් දිහස් නානකරාමය වසාදැමුවා.

" ඇයි මගේමහත්තයෝ කෑගහන්නේ "

දිහස් හිනාවෙනකොට අවීන් දිහස්ව එහෙම්මම වැළදගත්තා.

" රෝසමලක් වගේ සුවදයි. "

" ඒයි !! අවී "
දිහස් කෑගහනකොටත් පරක්කුයි අවීන් දිහස් ඉනේ දවටන් හිටිය තුවාය ගලවා දමා නිරාවරණය වූ දිහස්ගේ යටිකය දෙස ඇස් කොනින් බැලුවා.

" අවී "
දිහස් ලැජ්ජාවෙන් අහක බලාගන්නකොට අවීන්ගේ දෑත් තිබුනේ දිහස්ගේ වතුරෙන් පෙගුනු නිරුවත් ඉන මතයි.

" අනේ ඉතින් , මන් ආයේ නොදැක්ක දෙයක් ඈ මේ "
යටිතොල සපාගත් අවීන් දිහස්ගේ ඇස් වලට එබෙනකොට දිහස් ලැජ්ජාවෙන් පහල බලාගත්තා.

නිකටින් අල්ලා මුහුණ ඔසවා සුලුවෙලාවක් තොල් සිපගනිමින් සිටි අවීන් හිසත් සිඹ නානකාමරයට වැදුනේ " ඇදුම් නැතුව තමා උබ ලස්සනම " කියාගෙනයි.

අවීන් නාකියාගෙන එනවිට දිහස් ඇදපැලදගෙන කණ්නාඩියෙන් ඔහුවම විදිමින් සිටියා.

ඒදෙස බලාගෙන සිනාවෙමින් තම ඔෆිස් ගෙනයන බෑගය අසලට ගිය අවීන් එයින් යමක් පිටතට ගෙන දිහස් පිටුපසින් සිටගත්තා.

" මේකත් දාගන්න "
එසේ කියමින් අවීන් දිහස්ගේ ගෙලට මාලයක් දැමුවා.

" මේ මොකෝ "

" ඇයි කැතද ? "

" නෑ ඒක හරි ලස්සනයි , රත්තරන්ද ? "
ඒකත් එක්කම අවීන් දිහස්ගේ හිසට තදින් ටොක්කක් ඇන්නේ " ඈ බොල මන් උබේ කරට ඉමිටේශන් දානවා කියලා හිතුවද " කියමින්.

" අනේ සොරි මහත්තයෝ ඒක නිලන් ඇහුවේ "
දිහස් හිනාවෙමින් අවීන් දෙස හැරුනා.

" ආසයිද ඒකට "

" ම්ම්....ගොඩක් "
දිහස් ඔලුව ටිකක් ඇලකරගෙන කියනකොට අවීන් දිහස් දිහාම බලන් හිටියා

ඊටපස්සේ දිහස්ගේ තොල් වල ගා තිබූ ලිප් බාම් ඇගිල්ලෙන් පිසදැමුවා.

" ඇයි එවා රිමූ කලේ ? "

" එවා ටිකක් සැරට ගෑවිලා මැණික... කෝමත් ඔයාගේ තොල් රෝස පාටයිනේ. ඒනිසා තව තදවෙනවා.  ගෙදරදී ඕන දෙයක් ඒත් පිටදී ටිකක් අඩුවෙන් කරන්න බලන්න මැණික හරිද "
දිහස්ගේ හිස සෙමෙන් අතගාමින් කියනකොට දිහස් හා කියන්න ඔලුව වැනුවා.

.................................

" අම්මට කපල් එක "
යොමාල් අවීන්ගේ පිටට හයියෙන් පහරක් ගැසුවා.

" කෑගහන්න එපා බන් ඕම "
අවීන් රහසින් කියනවිදියට දිහස්ට හිනායන්නත් වගේ.

අනික් ආදරණීයන් වගේ තමන්ටත් තමනේ ආදරවන්තයගේ අතින් අල්ලන් සහභාගි වෙන්න පුලුවන් නම් කියා දිහස්ට සිතුනා.

ගියගමන් ලැබුනු බීම විදුරුවත් අරන් දිහස් ආශ්කා පස්සෙන් ගියේ දිහස්ගේ ක්ෂේත්‍රයේම ඉන්න ප්‍රවීනයෙක්ව ඔහුට හදුන්වලා එන්න ආශ්කට ඕනවුන නිසයි.

දිහස් ගිය පසු අවීන් ටිකක් වටපිට බලනගමන්  සංගීතයට සවන් දෙන්න උනා.

කරච්චල් ගීතයන් වෙනුවට වාදනය වන සෞම්‍ය සිංහල ගීත එක්ක පෙම්බදිමින් අවීන් සෙමෙන් විස්කි වීදුරුව තොලගාන්න උනා.

" අයියේ "













මේම එකක් මතකැයි ඔහෙලට 🤧 මට අමතක උනා නොවෑ......🙃

One Day ( BL) (Onhold )Where stories live. Discover now