-Prank-

73 27 4
                                    

"ටේටේ...ඇයි ඔයාට මේවා?"

පුදුම වෙලා වගේ ජිමින්,ටේගෙන් එහෙම අහද්දි මුහුණෙ තිබ්බ කපටි හිනාවෙ වෙනසක් නැතුවම ජිමින් පැත්තට හැරුන ටේහ්‍යුන්...

"ඔයාට මං ඒ ගැන කියන්නම්කො.මටත් කාඩ් එකක් ඕන."












පහුවදා ටේහ්‍යුන්,ජිමින් දෙන්නා ආයෙත් උද්‍යානය පැත්තට ආවේ කොලේජ් ඉවර වුනාට පස්සෙ ලොක්කයියගෙ පිරිසත් අනිවාරෙන්ම ඒ හරියෙ ගැවසෙනවා කියලා දන්න නිසයි.

හැබැයි අද ටේහ්‍යුන්ගෙ සැළසුම ටිකක් වෙනස්.ජිමින් එක්ක පදුරක් පිටිපස්සෙ හැංඟිලා හිටපු ටේහ්‍යුන් එයාගෙ ප්ලෑන් එක ජිමින්ට විස්තර කළාම ජිමිනුත් ඒකට එකඟ වෙලා වැඩ කරන්න හිතුවා.

කොහොම හරි අදාළ තැන් වලට දෙන්නා මාරු වුනාට පස්සෙ ඈතින් එන ජැක්සන්ව දැකපු ටේහ්‍යුන්ට කට කොණින් හිනාවක් ගියා.මොකද ලොක්කයියගෙ කල්ලිය ගැන ටේ හොදින්ම දන්නවා.හැමදාම ජැකීව හරි සුහෝව හරි කඩේ යවලා දවල්ට කන්න,බොන්න අරන් එන්න යවන බව ටේහ්‍යුන් හොදින්ම දැනන් හිටියා.

ඊටත් වඩා ලොක්කයියගෙ ගෝලයො නොමග යවන්න ටේහ්‍යුන් හොද දක්ෂයෙක් වෙලා හිටියා හැබැයි ලොක්කයියා නැති තැන විතරයි.

කොහොම හරි බීම කෝප්ප හතක් ට්‍රේකක තියාගෙන විසිල් එකකුත් පිඹගෙන ජැකී ඒ පැත්තට එද්දි ටේහ්‍යුන්ගෙ සංඥාව තේරුම් ගත්ත ජිමින්, ජැකී එද්දිම වගේ ගහක් උඩ ඉදගෙන එයාගෙ පැත්තට ගල් කැටයක් ගැහුවෙ...

"මොකාද යකෝ හැංගි හැංගි ගල් වලින් ගහන ගල් මූසලයා?"

ජිමින්ට නම් හිනා.එයා ආයේ තවත් පොඩි ගලක් ඒ පැත්තට විසි කළේ ජැකීව අවුස්සන්න හිතන්.හිතුවා වගේම කේන්ති ගිය ජැකී බීම ට්‍රේක බංකුවක් උඩින් තියලා වටපිට බලන ගමන් කෑගහන්න ගත්තා.ජිමින් ආයෙත් වෙන පැත්තකට ගල් විසි කරද්දි ඒ පැත්තට ජැකී ගියේ ඒ කවුරු වුනත් ඒ කෙනාමයි තමන්ටත් ගැහුවෙ කියලා දන්න නිසයි.

ඒ අතර ඉක්මන් වුන ටේ අතේ ගුලි කරන් හිටිය පෙති ටික ජැකී ඉන්න කළින් ඉක්මනට බීම කෝප්ප ටිකට දාගෙන ගිහින් ඒවා අතරින් වෙනස් ෆ්ලේවර් එකක් තිබ්බ එක අනිවාරෙන්ම ලොක්කයියගෙ කියලා දන්න නිසා වැඩිපුර අතේ තිබ්බ ඒවගෙන් දෙකක්ම දැම්මෙ ලොක්කයියට දවස් ගාණකටම විදවන්න දෙන්න හිතාගෙන.

You've reached the end of published parts.

⏰ Last updated: Feb 13 ⏰

Add this story to your Library to get notified about new parts!

The Arrogant Cupid (On Hold)Where stories live. Discover now