-Again He-

88 31 14
                                    

"ගිහින් බලපන්.අරූ වෙන්නත් පුලුවන්.වැඩි දුරක් නම් ඌට යන්න බෑ කොහොමත්."


ජින් හෙවත් ලොක්කයියගෙ කල්ලියෙ කොල්ලො දෙන්නෙක් අමුතු සද්දයක් ඇහුන විශාල ප්‍රමාණයේ බින් එක පැත්තට හිමීට ඇවිත් ඒකෙ භාගෙට ඇරිලා තිබ්බ පියන හොදටම ඇරලා...

"අහා...අහුවුනා..."




ටේහ්‍යුන් එතන හැංගිලා ඇති කියලා හිතලා ඒ දෙන්නා පියන ඇරියත් ඇත්තටම ඒක ඇතුළෙ හිටියෙ වැදගත් වැඩක් කරමින් හිටපු පූස් ජෝඩුවක්.සංසර්ගයේ යෙදිලා හිටපු පූසෝ ජෝඩුවට ලොක්කයියගෙ කල්ලියෙන් වෙච්ච බාධාව නිසා කේන්ති ගිහින් හිටපු පූසා බින් එකට ඔලුව දාගෙන හිටපු ලොක්කයගෙ එක සගයෙක් වෙච්ච කායිගෙ මූණටම කඩාගෙන පැන්නෙ...





"ඤාව්ව්.........."

"ආආආහ්හ්..................මාව බේරගනිව්...මූ මාව පොතු ගහනවා....."

එතන වැඩේ එහෙම වන වෙද්දි දුවලා බේරෙන්න බැරි තැන ඒ ළඟම තැනකට මුවා වෙලා හිටපු ටේහ්‍යුන් අවස්ථාව අරන් එතනින් කොහොම හරි මාරු වුනා.හැබැයි අවාසනාවට වගේ පූස් ගැටුමෙන් තමන්ගෙ සගයව අමාරුවෙන්ම ගලව ගත්ත ජින් ටේහ්‍යුන් දුවගෙන ඈතට යනවා දැක්කා.

"අන්න අරූ...ඔය පූසොන්ට ඉන්න දීලා මෙහෙ වරෙන් ඔක්කොම උන්."

"ලොක්කා ඌ මාව කෑවා."

ටේහ්‍යුන් ජින්ගෙ කල්ලිය පේන්න නැති වෙනකන්ම දිව්වා.ඒත් ටේහ්‍යුන් කියන්නෙ කරදර දාගන්න දක්ෂයෙක් වුනාට ඒවගෙන් බේරිලා දුවන්න තරම් දක්ෂයෙක් නම් නෙමෙයි.හැබැයි කොල්ලා ගොඩක් සතුටින් හිටියෙ අද දවසට එයා බේරුනා කියලා හිතලා.හැබැයි ඉතින් ටිකක් දුර ආපහු යද්දි තමයි ටේහ්‍යුන්ට තේරුනේ ජින්ගෙ කල්ලිය පස්සෙන් දුවන් එන එක නතර කරළා එයාව වට කරළා තියෙන්නෙ කියලා.

"ගෝඩ්...අද නම් මම ඉවරයි.තාම රිජෙක්ට් වෙන්න හරි ක්‍රෂ් එකට කැමතියි කියලා කිව්වෙත් නෑ.මුන්ගෙ අතින් දැන්ම මැරුම් කන්න නම් බෑ..."

ආයේ ආපු පැත්තටම හැරිලා ටේහ්‍යුන්ට දුවන්න වුනේ ජින්ගෙ කල්ලියත් ඒ පස්සෙන්ම එද්දියි.ඒත් වටෙන්ම එන පිරිස නිසා ටේහ්‍යුන්ට අහු මුලු වලින් නොදන්න පාරවල් අස්සෙත් බඩගාන්න වුනා.හැබැයි අද අවාසනාව ටේහ්‍යුන් වටේ කැරකෙනවද කොහෙද එයා ටික වෙලාවකට අර නොසන්ඩාලයො රැලෙන් බේරුනත් දැන් එයා කොටු වෙලා තියෙන්නෙ.මොකද ඉස්සරහින් තිබ්බ තාප්පයක් නිසා එයාගෙ පාර අවහිර වෙලා.ආයේ හැරිලා ගියොත් අර කල්ලියට අහු වෙන්නයි වෙන්නෙ.

The Arrogant Cupid (On Hold)Waar verhalen tot leven komen. Ontdek het nu