-Who are u?-

223 44 55
                                    

"අනේ...ඔම්මා...මට කොච්චරවත් මේ පාඩම් මතක හිටින්නෑනේ? ගෝඩ් ඇයි ඔයා මට මෙහෙම සළකන්නෙ? ඒකට අර ජුනීට, පොත නොබලා පාඩම කියවතැහැකි. ගෝඩ් ඔයා මිනිස්සු මවද්දි ගොඩක් ලොකු අසාධාරණකම් කරන්නෙ."




"ඔව් ඒක ඇත්ත."

"අහ්? ක්-කවුද ඔතන?"



මේපල් ගසක් යටට වී පොතකට කිදාබැහැලා වගේ එය පාඩම් කරමින් සිටි තරුණයා මේ විදිහට අනුන්ට දොස් කියමින් සිටින අතරතුර ඔහුට ඒ අවටින් කටහඩක් ඇසුනත් ඔහු හැර වෙනත් අයෙකු එහි පේන මානයේ හිටියෙ නෑ.

"පිස්සු හොදටම.මගේ හොදට තියන මොළෙත් කොලොප්පන් වෙනවා මේ පොත් නිසා."

නහය දිගේ පහළට රූටන තමන්ගෙ උපැස් යුවල ඇගිල්ලකින් උඩට කර සොටු ගතියක් දැනුන නහයත් උඩට ඇදුව තරුණයා ආයෙත් පොතට අවධානය දුන්නා.

"1666...ම්ම්ම්...ඇත්තටම ඔය නිව්ටන් කියන මනුස්සයගෙ ඔලුවට ඇපල් ගෙඩියක් නෙමෙයි තඩි පොල් ගෙඩියක් තමයි වැටෙන්න තිබ්- ආහ්හ්වූ...මොකාද හැංගිලා ඉදන් ඇපල් ගෙඩි වලින් ගහන්නෙ?"

මියගිය අයිසැක් නිව්ටන්ගෙ ඔලුවට ඒ කාලෙ පොල් ගෙඩියක් වැටෙන්න තිබ්බා නම් සමහරවිට නිව්ටන් සිහිමුර්ජා වෙලා නිව්ටන්ගෙ මතකෙ අහිමි වෙලා ගුරුත්වාකර්ෂණයයි ඉතිරි නියම ටිකයි නැති වුනා නම් අද වෙද්දි තමන්ට මේ තරම් පාඩම් කරන්න දේවල් ඉතිරි වෙන්නෑ නේද කියලා හිතුවත් තවත් ඒ ජාතියෙ සෙට් එකක්ම පහු කාලෙකදි ආවා නේද කියලා මතක් වෙලා නිව්ටන්ට විතරක් බැන බැන හිටපු ටේහ්‍යුන්ගෙ කට වැහුවෙ උඩ ඉදලා එයාගෙ ඔලුවට වැටුන ඇපල් ගෙඩියක් නිසා.

ඒත් ටේහ්‍යුන්ට විශ්වාසයි එයා ඉදගෙන හිටියෙ මේපල් ගහක් යට මිසක් ඇපල් ගහක් යට නෙමෙයි කියලා.සමහරවිට නිව්ටන්ට කියපුවා නිව්ටන්ගෙ මියගිය ආත්මය වත් අහන් ඉදලා ටේහ්‍යුන්ට ඇපල් ගෙඩියකින් ගැහුවා වෙන්නත් පුලුවන්නෙ?

ඒත් ගහ උඩින් ඇහුන කටහඩ නම් නිව්ටන් වගේ විද්‍යාඥ්නියෙක්ට ගැලපෙන විදිහෙ එකක් වුනේ නම් නෑ.


"උප්ස්...සමාවෙන්න.මගේ අත පොඩ්ඩක් ලිස්සුවා."


ඔලුවත් අල්ලන් කටත් 'O' හැඩේට ඇරගෙන පුදුමෙන් වගේ ගහ උඩ බලපු ටේහ්‍යුන්ට දකින්න පුලුවන් වුනේ ටිකක් හයිය අත්තක් උඩට වෙලා කකුල් දෙකත් වන වන තමන් දිහා බලන් ඉන්න රෝස පාටට හුරු නළලට වැටෙන කොණ්ඩයක් තියන පුංචි හුරුබුහුටි තරුණයෙක්ව.


The Arrogant Cupid (On Hold)Where stories live. Discover now