-Angle-

52 23 14
                                    

"අහ්-ආහ්හ්...හිමීට ටේටේ..."

"ජුනී...ඇයි ඔයා එයාට එහෙම කියන්න ගියේ?"

"බලනවා මගේ නහය කැඩිලද කියලා?ඌ යකඩද මන්දා ගිලින්නෙ."

"බලන්න ජුනී...ඔයා කියපු එක නිසා එයා වෙන එකක් හිතුවද දන්නෑ."

"ආහ්ව්ව්...මනුස්සයො මගේ නහය ඔච්චර තද කරන්න එපා."

"එයාට රිදුනද දන්නෑ ජුනී."

"මගේ කුඩේ පව් බන් ඌට ගහලා ඒකත් ඉවරයි."

"ඔයා ඇයි එයාට ගැහුවෙ මෝඩයෝ........."

"ආආආ............අතෑරපන් පොඩි යකෝ මගෙ නහය."

ටේහ්‍යුන්,නම්ජුන්ගෙ තැලුනු නහයට බෙහෙත් දමමින් හිටියත් ටේහ්‍යුන්ගෙ සිහියෙ තිබ්බෙ නම් ජන්කුක් ගැන.අද වුනු දේවල් ටේහ්‍යුන්ට ලොකු පුදුමයක් වුනා.ඒත් ඇත්තටම නම්ජුන් ජන්කුක්ගෙන් ගුටි කාපු එකටත් වඩා නම්ජුන්ගෙ කතාව නිසා ජන්කුක් වැරදි වැටහීමක ඇති කියන එක ගැන තමයි ටේහ්‍යුන් ඇත්තටම දැන් මේ වද වෙන්නෙ.

ජන්කුක්ගෙ සිහියෙන් හිටපු ටේහ්‍යුන් නම් බෙහෙත් දානවා කියලා නම්ජුන්ගෙ නහය වෙලාවකට තදට මිරිකනවා,අල්ලනවා කරනවා නිසා නම්ජුන් මේ වෙලාව පුරාම හිටියෙ කෑගහන ගමන්.

ටේහ්‍යුන්ගෙ කාමරේට වෙලා හිටපු ජිමින්ට නම් මේවා ඇහෙද්දිත් හිනා යනවා.එයා ඇදේ හාන්සි වෙලා කල්පනාවකට වැටුනෙ එයා මුලින්ම මිනිස්සු අතරට ආපු දවස සිහියට ගනිමිනුයි.














දින 800ට පෙර(අවුරුදු 2යි මාස 2ට ආසන්න කාලයක්.)

මිනිස් ගහණයෙන් අඩු පළාතක පිහිටි සුන්දර කදු මුදුනකට වන්නට තිබුන වනාන්තරයක එදින තිබුනෙ වසරෙ මැද කාලය වුනත් ඉතාම සෞම්‍ය දේශගුණ තත්වයක්.මිනිසුන් නැති එක එක සත්ව වර්ග වල හඩ පමණක් ඇසෙන වනය තුළින් නිරුවත් දෙපා වලින් අඩි තියමින් කුඩා තරුණයෙක් තම සිහින් දෑස් විසල් කරගෙන වටපිටාව බලමින් වනය දිගේ දිගටම ඇවිදන් ගියේ ඔහුට අවශ්‍ය මනුශ්‍ය වාසයක් සොයා ගෙනයි.

නමුත් ඔහු ආස කළේ මේ සන්සුන් පරිසරය තුළ තවත් රැදෙන්නයි.නමුත් ඔහුට පැවරුන රාජකාරිය තිබුනෙ මිනිසුන් අතරයි.ඇත්තෙන්ම එය රාජකාරියකට වඩා දඩුවමක් කිව්වොත් නිවැරදියි.

The Arrogant Cupid (On Hold)Where stories live. Discover now