-Name Changed-

61 26 6
                                    

"දින 799ක්."

"ම්-මෝ? එතකොට ඔයාට තව පොඩි කාලයයි මෙහේ ඉන්න පුලුවන්."

"ඔව්.ඒ ගැන හිතන්න මට ඕන නෑ.ඔයා පොරොන්දු වුනා ඔයාව බේර ගත්තොත් මං ඉල්ලන දෙයක් දෙනවා කියලා."

"හරි මොනවද ඕන?"

"යහලුවෙක්."






































ටේහ්‍යුන්ට වඩා අවුරුද්දක් පමණ වැඩිමල් ඔහුගෙ පන්නයේම නමුත් ටේහ්‍යුන්ගෙ මගඩි,ළදරු පෙනුමට වඩා බුද්ධිමත්,අනුවන දෙකෙහිම මිශ්‍ර පෙනුමක පෙනුමක් තිබූ උපැස් පලදින බැලූ බැල්මට අහිංසක යැයි කිවිය හැකි තරුණයෙක් කුඩා කාමරය තුළ පොත් ගොඩකින් වට වුනු මේසයක් මතට වී ඔහුගෙ ඉගැනුම් වැඩ කටයුතු කරමින් සිටිය අතරතුර ඔහු සිටි කුඩා නිවසේ දොර කවුරුන් හෝ විවර කරනවා ඇසුන නිසා ඔහු ඒ දෙසට ගියේ මදක් කේන්තියෙන් වගේ.

"අගෙයි ටේහ්‍යුන් ගෙදර එන වෙලාව.තමුසෙගෙ ඔම්මා දන්නවා නම් ඉගෙන ගන්න එක හරියට නොකර තමුසෙ දවස පුරාම එහෙ මෙහෙ රස්තියාදු ගහලා එනවා කිය- මේ...මේ කවුද?"

ටේහ්‍යුන්,කුපිඩ්ව එක්කගෙනම තමන්ගෙ නිවසට ආවේ ඔහුගෙ ඥාති සහෝදරයගෙ සුපුරුදු බන දෙසුම අහගන්න ගමන්මයි.ඒත් කුපිඩ්ව දැකපු ඔහුට නම් මේ හුරුබුහුටි පෙනුමක් තිබ්බ අමුත්තව නම් පුදුමයට කාරණයක් වුනා.මොකද ටේහ්‍යුන් කවදාවත් කිසිම කෙනෙක් එක්ක ගෙදර එන කෙනෙක් නෙමෙයි.

"අනේ ජුනී...කෑගහන්න එපා අයියෝ...මේ-මේ මගේ යාලුවෙක්.ටික දවසකට එයත් මා එක්ක මෙහෙ හිටියට අවුලක් නෑනේ?"

ටේහ්‍යුන් දාන්න පුලුවන් අහිංසකම හිනාවක් දාලා ඔලුව ඇල කරන් නම්ජුන් හෙවත් ජුනීගෙන් එහෙම අහද්දි ජුනී,ටේහ්‍යුන්ව ඇදගෙන පොඩ්ඩක් එහාට ගිහින්...

"ටේ එක සැරේම මොකක්ද්ද මේ ඔයා කරන්න යන්නෙ ඒ සැරේ?"

"අනේ ජුනී...එයා මගේ ළඟම යාලුවෙක්.පීස්...........?"

"ආ...මේ...ඒත් ටේ මේ පුංචි ගෙදර අපි දෙන්නට හැර තව කෙනෙක්ට පිරිමහන්න තරම්."

"බය වෙන්න එපා කුපි-මේ එයාට පිරිමහන්න තරම් දේවල් නෑ."

"ඒ කිව්වෙ?"

The Arrogant Cupid (On Hold)Where stories live. Discover now