Jk-" ඒයි... නැගිටින්න මිස්ටර් කිම්...ඔයා ඇහැරුනා ..."

ටේහ්‍යුන්ග් සද්ද නැතුව ඇස් පියාගෙනම හිටියා.

Jk-" නැගිටින්න දැංවත්... "

ජන්කුක් ඇදෙන් නැගිට්ටේ කේන්තියෙන්.මොකද එයාට මේ කපටි ටේහ්‍යුන්ග්ගේ රගපෑම් එපා වෙලා .

Jk-" මගෙ අනුකම්පාවෙන් අනවශ්‍ය ප්‍රයෝජන ගන්න එපා මිස්ටර් කිම්... "

ජන්කුක් , ටේහ්‍යුන්ග් දිහා කේන්තියෙන් බලන ගමන් මිමිණුවා . ටේහ්‍යුන්ග් තවම ඇස් පියාගෙන, ඒත් ජන්කුක් දන්නවා ටේහ්‍යුන්ග් මේ ඉන්නේ දැං ඇහැරිලා කියලා.

ජන්කුක් , කේන්තියෙන් කබඩ් එක ඇරලා අතට අහුවෙන ඇදුමක් අරගත්තේ ටේහ්‍යුන්ග්ට බනින ගමන්. ජන්කුක්ට ඇත්තටම , හොදටම කේන්ති .
ටේහ්‍යුන්ග්ට ලැජ්ජා නැති හැටි දැකලා. මෙච්චර දේවල් වෙලාත් කිසි දෙයක් නොදන්න බබෙක් වගේ ඉන්නේ කොහොමද ?

ඒ දෙන්නා අවුරුදු 7ක් වෙන් වෙලා හිටියේ. අනික ජන්කුක් වැම්පයර් කෙනෙක් ආයේ කවදාවත් ජීවිතේට ලං කර ගන් නෑ, විශේෂයෙන්ම ටේහ්‍යුන්ග් වගේ බොරු කාරයෙක්. ඒ වගේම ටේහ්‍යුන්ග් එයාගේ හොදම යාලුවා මැරුවා කියලා දැන දැනත් එයාට තවත් ටේහ්‍යුන්ග් මේ ගෙදර තියා ගන්න බෑ.

Jk-" ඕකේ.. ඔයාට මුලු දවසම නිදාගෙන ඉන්න බෑනේ. මං මූන හෝදලා එනකොට ඇදෙන් නැගිටලා ඉන්න ඕනේ ..එච්චරයි "

ජන්කුක් , කේන්තියෙන් ටේහ්‍යුන්ග් දිහා බලාගෙන මුමුණලා යන්න ගියේ, අවසන් වතාවට එයාගේ පොඩි බබාලා දෙන්නා දිහා බලාගෙන. ලමයි දෙන්නා තවම නිදි.

බොරු කියන්න ඕනෙ නෑ, අවුරුදු ගානකට පස්සේ ජන්කුක්ට සනීපෙට නින්ද ගියේ අද.

ජන්කුක් ඒ එක්කම ඇතුලෙන් තියන පොඩි bathroom එකට ගියා. ඒක ගොඩක් පොඩි එකක්, එක්කෙනෙකුට විතරයි එක වෙලාවක පාවිච්චි කරන්න පුලුවන් .

ජන්කුක් , රෙදි එතන හැන්ගර් වලින් එල්ලලා, ශවර් එක යටට ගියේ තවමත් කේන්තියෙන් .

Jk-" ඇයි මට මෙහෙම දෛවයක් දුන්නේ "

ජන්කුක් ගොඩක් පසුතැවීමෙන් මිමිණුවා .

The Choice Where stories live. Discover now