වික්‍රමසිංහ ......වික්‍රමසිංහ සර් ඒවි කියල කිව්වෙ..මං දන්නෙ නෑ මොන වික්‍රමසිංහ ද කියලා ...මොන වික්‍රමසිංහ උනත්......මට දැන් යන්න වෙනවා....
මම එහෙම්ම ඵෝන් එක එක අතකට හිරකරගත්තා...කොහොමද කියන්නෙ අද හවස යනවා කියලා .....හෙට හවස යන්න තිබ්බ ගමන අද හවස යනවා කියන්නෙ එතනිම්ම පැය කීයක්ද........ .
මං එහෙම්ම අඹ ගහ යට තිබුන සිමෙන් බංකුව උඩින් ඉදගත්තා......වලව්ව දැන් දැන් පරන පාට වෙලා.....සමහරක් තැන්වල තිබුන රට උලු වල පාසි බැදිලා තිබුනා...
බන්ඩාර වලව්ව........කාලෙකට කලියෙන් පැත්තම හොලවන් උන්න බන්ඩාර හාමුලාගෙන් එකා එකා අඩුවෙගන අඩුවේගන යනකොට අර තිබුන ගරු ගාම්භීරත්වෙත් ටිකෙන් ටික අඩු වෙලා ගිහිල්ලා තිබුනා....
පැත්තක තිබුන වී බිස්සට් නම් තවමත් කුඹුරු වලින් එන වී පිරවෙනකොට බන්ඩාර මැනිකෙ උන අත්තම්මා නම් අගස්ති මාල නැතුවම ගෙදරට ඔසරිය ඇන්දා... හැබැයි ඉතින් අත්තම්මා විතරයි එතනින් එහා කවුරුත් නෑ.....
ක්‍රීම් පාට තීන්ත ගාපු ගෙදර ලී ජනෙල් පියන් සුදු පාටින් පාට වෙලා තියන කොට අවුරුදු බරගානක් පරන දොරවල් වල මල් වැල් කොටලා තිබුනා........
දැන් ඉතින් හාමුලාගෙ මැනිකෙලාගෙ කාලෙ නෙවෙ.....දැන් ඉතින් හාමුලා මැනිකෙලාගෙ වාසගම් විතරක් ඉතිරි වෙන කාලෙ......
එක අතකට හාමුලා මැනිකෙලා ගැන කියනවා....මෙහෙ උන් කුල මල අල්ලන් නහිනවා.......එහෙ මිනිස්සුන්ට කුලත් නෑමලත් නෑ ඇදි වත ඇරුනම උන්ටයි කියලා මොකුත් නෑ........අඩුම ගානෙ තමුන්ටයි කියලා මිනි වලක් වත් නෑ........
සිමෙන්ති බංකුවෙ ඉදගන උන්න මම එහෙම්ම වලුවලින් බර වෙලා තිබුන අඹ අතුදිහා බැලුවා....යුද්දෙ තිබුනා නැතා....ඉස්සර දවස්වල අවුරුදු කොච්චර නම් සරුද.....කොටිම්ම උතුරෙ යුද්දයක් යනවා කියලා වත් මං හිතන්නෙ අපේ පැතිවල මිනිස්සුන්ට ගානක් තිබුන් නෑ.....කොහා අඩන්නත් කලින් පත්තු කරන්න ගන්න රතින්ඥ්ඥා ඉවර කරන්නෙ අවුරුදු කාලා අවුරුද්දට පුච්චපු කැවුම් පුස් ඇල්ලුවටත් පස්සෙ ..ඒතරමට මේ වලව්වට අවුරුද්ද සරුයි....කුස්සි අම්මලා කජු මද කපන්න ගන්නෙ අවුරුද්දට දවස් දෙක තුනකටත් උඩින්....
YOU ARE READING
BE MY ARMOUR (Complete )
Fanfictionදන්නවද ලෝකෙටම ඔයා එක්කෙනෙක් උනත් ඔයාව මට ලෝකයක් ....... සමහර වෙලාවලදි ...මට දැනෙනවා...මුලු ලෝකෙම මගෙ අත් උඩ කියලා ..... ඉදලා හිටලා..ඒ හම්බෙන " සමහර වෙලාවට" මන් ආදරෙයි නොසෑහෙන්න..... මගෙ නිඛිල්........ උඹ කියන්නෙම මට ලෝකයක්! මම අකේන් හිරුන්ය වික්ර...