[ 13 ] - ඩැඩාගෙ ඩෙදල 🏰

ابدأ من البداية
                                    

👧 - " ලෑස්ති කලාද මේරි "

" ඔව් ලොකු නෝනා.. "

👧- " හරි එහෙනම් ඒ ටික දැන් අරන් එන්න..
අහ්හ් තව බෙලා ටත් පොඩ්ඩක් මෙහාට එන්න කියන්න. "

" හරි මං කියන්නම්. "

Mrs.Kim ට ඔලුව නවලා අනිත් අය එක්කත් ප්‍රසන්නව හිනාවුණු මේරි එහෙම්මම Kitchen එකට දිව්වෙ Mrs.Kim මීට විනාඩි ගානකට කලින් දුරකථන ඇමතුමක් දීලා ලෑස්ති කරන්න කියපු තේ පැන් සංග්‍රහය අරන් එන්න..

බෙලාව ඔයාලට මතක ඇතිනේ... එයා තමයි Taehyung ගෙ නැනී. Taehyung ව පොඩි කාලෙ ඉදන් බලාගත්ත කෙනා...

මේරිගෙන් පණිවිඩේ දැනගත්තට පස්සෙ බෙලාත් ඉක්මනට Living room එකට දුවගෙන ආවා. එයා අවුරුදු 40 ක විතර කාන්තාවක්. ඒ වගේම හරිම ලස්සනයි. ලස්සනයි කියනවටත් වඩා ප්‍රසන්නයි කියන එක ගැලපෙනවා එයාට.

" ලොකු නෝනා ? "

බෙලා ඇවිත් කතා කලා.

👧 - " ඔහ්හ් බෙලා.. මේ පුංචි බේබිව පොඩි බේබිගෙ room එකට එක්කන් යන්න.. එයාව ඇග සෝදවලා පහසු ඇදුමක් අන්දවන්න.. නිදිමතයි කිව්වොත් ඒ ඇදෙන්ම නිදි කරවන්න.. අහ්හ් තව මම මේරිට කිව්වා banana milkshake එකකුත් ready කරන්න කියලා.. ඒකත් අරන් ගිහින් මෙයාට බොන්න දෙන්න. "

" හරි මං කරන්නම් ලොකු නෝනා.
එන්න පුංචි බේබි. "

Mrs.Kim ගෙ එහා පැත්තෙන් ඉදගෙන මෙච්චර වෙලා එයා කියන කරන දේවල් දිහා කටත් ඇරන් බලන් හිටපු පුංචි කුකී නැනී බෙලා එයාගෙ අතින් අල්ලපු මොහොතෙ ඒ හීන ලොකෙන් එළියට බැස්සා.

🐰 - " මත බෑ "

හැබැයි ඒ අනිත් පැත්තට තමන්ගෙ අතත් අහකට ඇදල ගත්ත කුකී ඉක්මනට එයාගෙ ඔම්මා ගාවට ගිහින් තුරුල් වුණේ එයා අදුරන්නෙ නැති අයත් එක්ක වැඩිය move වෙන්න අකමැති නිසා.

👩 - " බනී ඔහොම තමා Mrs.Kim.. එයා අදුරන්නෙ නැති අය එක්ක වැඩිය එකට ඉන්න කැමති නෑ. "

ඒ සිද්ධ වුණු දේ දිහා පුදුමෙන් වගේ බලන් ඉන්න Mrs.Kim වගේම බෙලාට Mrs.Jeon ඉක්මනට හේතුව පැහැදිලි කලා.

ẞαßყ ßᥙɳ'ട ԃαԃα  | حيث تعيش القصص. اكتشف الآن