හන්සෝ අනිත් අතත් මිටමොලවන් ටේහ්‍යුන්ග්ට ගහන්න හැදුවත් ටේහ්‍යුන්ග් හන්සොගේ අත අල්ල ගත්තා.

TH-" හෙට වරෙන්... අපේ රාජධානිය ඇතුලේ ඕන දෙයක්  . ඒත් මෙහෙ මොකුත් බෑ... "

හන්සෝ ඒත් කියන දේ අහන්න ලෑස්ති නෑ. හන්සෝ ටේහ්‍යුන්ග් එක්ක රණ්ඩු වෙන්න් උත්සහ කරා. ඒත් ටේහ්‍යුන්ග්ට ඕන උනේ මේ රණ්ඩුව නවත්තන්න . ඒ වගේම ටේහ්‍යුන්ග් හොදටම දන්නවා එයාලා ඉන්න තැන පිටපස්සේ බිත්තියට කවර් වෙලා කවුරු හරි ඉන්නවා කියලා.

ඒ වගේම ඒ ඉන්න කෙනාට කතාව ඔක්කොම ඇහිලා, අර බිම වැටුන බීම බෝතල් කවරේ ඒක අහන් හිටපු කෙනාගේ කියලත් දන්නවා. ඒත් කවුද ?

හන්සෝ ටේහ්‍යුන්ග්ට යන්න දෙන් නෑ රණ්ඩු වෙනවා. ටේහ්‍යුන්ග් ආයෙත් හන්සොට පාරක් ගහලා බිත්තිය එහා පැත්තට යන්න හැදුවත් එතන හැංගිලා හිටපු කෙනා දුවනවා දැක්කා.
ටේහ්‍යුන්ග්ගේ අනුමානේ හරි, එතන හිටපු කෙනාට ඔක්කොම ඇහිලා.

ඒත් ඒ දුවන කෙනා දැකලා හුරුයි වගේ. කවුරු වෙන්න පුලුවන්ද ?

TH-" Z-zimbi ? "

ටේහ්‍යුන්ග්ට පලවෙනි වතාවට එයා ගෙන බයක් දැනුනා. ඇයි කියලා දන් නෑ, ජන්කුක් මතක් උනාම එයාගේ පපුව වේගෙන් ගැහෙනවා වගේ දැනුනා.එයාට ජන්කුක් මතක් උනා. Zimbi ජන්කුක්ට කියයිද ? ජන්කුක් ඇත්ත දැන ගනීද? බැරි වෙලාවත් එහෙම උනොත්?

එයා වෙන ලෝකෙකට ගියා, එයාට හන්සෝ හයියෙන් පාරක් ගහනවා කියලාවත් දැනුන් නෑ, එයා ගල් ගැහිලා ඈත දුවන zimbi දිහා බැලුවා.
හන්සොගේ පාරට ටේහ්‍යුන්ග්ගේ තොල පැලිලා ලේ වැක්කෙරනවා . ඒත් ටේහ්‍යුන්ග්ට ඒක දැනෙන්නෙවත් නෑ.

ටේහ්‍යුන්ග් ,හන්සෝ අත ඇරලා ඒ පැත්තට දුවන් යන්න හැදුවත් ඒත් ආයෙත් හන්සෝ ටේහ්‍යුන්ග්ගේ අතින් ඇදලා අරන් ආයෙත් පාරක් ගැහුවා. එවෙලේ තමා ටේහ්‍යුන්ග් හරි සිහියට ආවේ. ටේහ්‍යුන්ග් කේන්තියෙන් මිටමොලවන් ආපිට හන්සොට ගැහුවා.

වැම්පර්ලා දෙන්නා රණ්ඩු වෙන අතරතුර zimbi දුවන් ගියා. එයා දන් නෑ එයාගේ කකුල් කොච්චර වේගවත්ද කියලා, එයා දන් නෑ එයාට කොච්චර දුර යා ගන්න පුලුවන් වෙයිද කියලා,
එයා දන් නෑ එයාට මේ පණිවිඩේ ජන්කුක්ට කියා ගන්න පුලුවන් වෙයිද කියලා.

The Choice Where stories live. Discover now