TH-" ඌ කොහෙන්ද ඇල්ලුවේ... ? "

ටේහ්‍යුන්ග්ගේ ගැඹුරු හඩින් ඇහුන පලවෙනි කාරනේ ඒක.තවම ජන්කුක් ටේහ්‍යුන්ග් කියන දේවල් තේරුම් ගන්න බැරුව ටේහ්‍යුන්ග් දිහාම බලාගෙන.

TH-" මං ඇහුවේ අරූ ඔයාගේ කොහෙන් අල්ලන්ද ඇදගෙන යන්න හැදුවේ ? "

ජන්කුක් තවමත් කතා කරන්න ලෑස්ති නෑ. එයා පුදුම වෙලා හිටියේ, එයාට හිතා ගන්න බෑ ටේහ්‍යුන්ග් එයාගේ ඇස් ඉස්සරහට ආවේ කොහොමද කියලා. ජන්කුක් කීයටවත්  හිතුවේ නෑ ටේහ්‍යුන්ග් එයි කියලා.

TH-" මං ඇහුවේ~~~"

D-" මා-ස්ටර් .. ම්ම්ම්... "

ටේහ්‍යුන්ග් කේන්ති ගන්න කලින් ඩේවිඩ් කතා කරේ ටේහ්‍යුන්ග්ට කේන්ති ගියොත් මෙතන ප්‍රශ්නේ තවත් වැඩි වෙනවා කියලා දන්න හින්දයි.

D-" උට පොඩි මාස්ටර්ව අල්ලන්න දුන් නෑ.. මං.. මං එතනට ගියා ඉක්මනින් "

TH-" ඇදන් යන්න~~"

D-" අතින් උනත්.. මං .. මොකුත් කරන්න කලින් එතනට ගියා ..."

ඩේවිඩ් අවසන් වචන ටිකත් කියලා ඉවර කරේ ටිකක් බයෙන්. මොකද ටේහ්‍යුන්ග්ගේ මූඩ් එක මොකක් වෙයිද දන් නෑ.

TH-" O-ok.. "

ටේහ්‍යුන්ග් , ආයෙත් ජන්කුක් දිහාට එයාගේ ඇස් හැරෙව්වා. ජන්කුක් තවමත් ටේහ්‍යුන්ග් දිහා බලාගෙන .

TH-" princess ? "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කන ලගට කරලා එයාගේ ඇගිලි දෙක එකට press කරලා සද්දයක් පිට කරේ ජන්කුක්ගේ අවදානේ ආයෙත් ගන්නයි. කන ලග ඇහුන සද්දෙට ජන්කුක් ගැස්සිලා හරි සිහියට ආවා.

Jk-" මේක ඇත්තක්ද .... "

ජන්කුක්  , එයාගේ ඇගිලි ටේහ්‍යුන්ග්ගේ කම්මුල් මතින් තිබ්බා. ජන්කුක්ගේ ඇගිලි තුඩු වලට ටේහ්‍යුන්ග් දැනෙනවා, ඒ කියන්නේ ඇත්තටම ටේහ්‍යුන්ග් ඉන්නවා.

Jk-" දෙවියනේ... "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ව තදින් බදා ගත්තා. දවස් කීපයකට පස්සේ ඒ උණුසුම දැනෙනවා. වේදනාවෙන් ඇදුම්කන mark එකට සැනසීමක් දැනුනා. ටේහ්‍යුන්ග්ගේ උණුසුම්න්ම ජන්කුක්ගේ ඇග නිවෙනවා.

The Choice Where stories live. Discover now