🎵🎵 Shots Game 🎵🎵

En başından başla
                                    

ම්හ්...කොටින්ම කිව්වොත් යුනි එකේ lectures cut කරන්න ඕන නිසා කරන නසරානි වැඩ අැරුනම ජිමින්ගේ තියෙන හොඳම ගතිගුනේ තමයි සතියෙන් සතියට එයාගේ girlfriendsලා මාරුවෙන එක.

හැබැයි ඉතිං පුදුමේ කියන්නේ දැන් මාසෙක විතර ඉඳන් නම් යුනි එකේ ලස්සනම කෙල්ල වුනු රියා එක්ක පටන් ගත්ත ජිමින්ගේ affair එක එයා මේ වෙනකන්ම නතර කරලා තිබුනේ නෑ. ඇත්තටම එයාගේ යාලුවොත් ගොඩක් පුදුම වෙලා හිටියේ ඒ ගැන.

මොකද එයාලගේ ජිමින්ගේ හැටියට නම් එයාලා calculations කරලා බලපු විදිහට රියාගෙයි ජිමින්ගෙයි affair එක නතරවෙලා දැන් සති තුනක් විතර වෙන්න ඕන.

හැබැයි ඉතිං ජිමින් යාලුවෙලා හිටපු අනිත් කෙල්ලන්ට සාපේක්ෂව එයා බඩගාගෙන ගිහින් රියාව යාලු කරගන්න දරපු මහත් පරිශ්‍රමේ හැටියට ජිමින් රියා එක්ක අවුරුද්දක් විතර යාලුවෙලා ඉන්න ඕන කියලා plan කරලා තියෙන එක ගැන යාලුවෝ හතරදෙනා දැනන් හිටියේ නෑ.

හරි...දැන් ආපහු club එකේ තියෙන තරඟේ පැත්තට යමුකෝ...

මේ soulmatesලා ඒ කියන්නේ ජිමිනුයි ටේහ්‍යුනුයි අතරේ සතියකට සැරයක් තියෙන වැඩිපුරම විස්කි වීදුරු හිස්කරන කෙනා තේරීමේ තරඟෙන් හැමදාම වගේ පරදින්නේ මිස්ටර් ඒලියන්. ඒ කියන්නේ ටේහ්‍යුන්. මොකද ටේහ්‍යුන්ට ජිමින්ට තරම් drinks අැඟට දරාගන්න පුලුවන්කමක් තිබ්බේ නෑ.

හැබැයි එහෙමයි කියලා කොල්ලා වැඩේ අතඇරියෙත් නෑ. තමන් කවදාහරි ජිමින්ව පරාද කරනවා කියන අධිෂ්ටානෙන් ටේහ්‍යුන් හැම සතියකම මේ තරඟෙට සහබාගි වුනා. බලන්න...ටේහ්‍යුන්ගේ ඒ උත්සාහවන්තකම කොච්චර නම් අගය කරන්න වටිනවද😌?...

ඒ වගේම තමයි හැමදාම මේ දෙන්නගේ මේ තරඟේ පටන් ගන්න කලින් තරඟෙන් පරාද වෙන කෙනාට සතියක penalty එකකුත් නියම කරන්න යාලුවෝ ටික අමතක කරේ නෑ.

හැමදාම තරඟෙන් පරදින ටේහ්‍යුන්ට penalty එක විදිහට සතියක් යුනි එකේ boys washroom clean කරන්න..
ජන්කුක්ගේ බැම්ව නාවන්න..ජිමින්ගේ මස්සිනා වුනු නම්ජුන් එක්ක එයාගේ වැඩවලට ජිමින් වෙනුවට library එකට යන්න...යුංගිගේ මමාට කෑම හදන්න උදව් වෙන්න...යුනි එකේ මෙයාලගේ හතුරෝ සෙට් එකේ නායකයා වුනු ජැක්සන්ගේ coffee shop එක clean කරන්න වගේ වැඩ ගොඩක් කරන්න සිද්ද වුනා.

~GF or BF?~Ongoing|| PJMHikayelerin yaşadığı yer. Şimdi keşfedin