TH-" එයා කොහොමද කම්මැලි වෙලා, pack දෙකක් බලා ගන්නේ... "

Jk-" pack දෙකක්... ? "

D-" Good morning මාස්ටර් .. බඩු ටික mansion එකෙන් තියන්න ඕනෙද ? "

එකපාරම ඩේවිඩ් කාර් එකේ එහාපැත්තෙන් මතු උනා. ජන්කුක් ගැස්සිලා , ටේහ්‍යුන්ග් බදා ගත්තේ එයා ඩේවිඩ්ව මුලින්ම දැක්කේ නැති හින්දයි.

TH-" ම්ම්ම්.. ඔව් පිටපස්සේ ඇති බඩු, කෑම මලු kitchen එකෙන් .. ඇදුම් බෑග් මගෙ කාමරෙන් දාන්න . නැනී ඉන්නවද ? "

D-" ඔව් මාස්ටර් ... "

TH-" නැනීට කියන්න මටයි,මගෙ mateටයි කෑම හදන්න එපා කියලා. "

D-" හරි මාස්ටර් "

ටේහ්‍යුන්ග් , ජන්කුක්වත් උස්සගෙනම කාර් එකෙන් එලියට බැස්සා.

Jk-" නැනී ? ඒ කියන්නේ මේ mansion එකේ තව කෙනෙක් ඉන්නවද ? "

ජන්කුක් එයාගේ අත් ටේහ්‍යුන්ග්ගේ බෙල්ල වටේ ඔතාගෙන ටේහ්‍යුන්ග් දිහා බලන් ඇහුවා. ටේහ්‍යුන්ග් ජන්කුක්ව උස්සන් mansion එක පැත්තට ඇවිදන් ගියා.

TH-" ඔව්... උයන්න ඉන්නවා නැනී. Mansion එක අතු ගාන්න කෙනයි, garden එකේ වැඩට දෙන්නයි, gate එක ලග දෙන්නයි, ඩේවිඩ් ඉන්නවා, කෑම sup~~~"

Jk-" එච්චර අය ඉදලත් ඇයි මෙච්චර silent . හරියට කවුරුත් නෑ වගේ. තවම රෑ හින්දද ? "

TH-" රෑ.... ? හහ් දැං උදේ 7ත් පහු වෙල ඇති... "

Jk-" මොකක් ? Hubby ඔයා මට බොරු කරනවා. උදේ 7 පහුවෙලා ? ...."

ජන්කුක් හිනා උනා. ජන්කුක් විතරක් නෙමේ ඕන කෙනෙක් හිතයි ටේහ්‍යුන්ග් කියන්නේ බොරුවක් කියලා. උදේ 8 කියන්නේ, ගොඩක් එලිය වැටෙන වෙලාවක්. ඒ වගේම වාහන සද්ද, අහල පහල ගෙවල් වල සද්ද හැමදේම එක්ක ගොඩක් ක්‍රියාශීලී .

ඒත් මෙහෙ.. කිසිම සද්දයක් නෑ , ඈතින් පාලු භයානක වවුල් හඩක් ඇහෙනවා. අනික කිසිම එලියක් නෑ. තවමත් අදුරුයි.

Jk-" දැං ඇති පාන්දර 4ට....? "

ටේහ්‍යුන්ග් හිනාවෙලා ජන්කුක්ව බිමින් තිබ්බා.ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ ප්‍රශ්නෙට උත්තර දුන් නෑ. මොකද මේ පැත්තට ඉර එලිය වැටෙන්නේ පරක්කු වෙලා කියන එක පැහැදිලි කරන්න උවමනා උනේ නෑ.

The Choice Where stories live. Discover now